Chapter 03

575 128 21
                                    

මෙම කතාංගයේ ප්‍රබල භාෂාව, ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනය අඩංගු වේ.

___________________________________

*FLASHBACK* (2 Years Ago)

"නෑ මිසිස් මේරිවුඩ්- මම එහෙම කලේ නෑ"

"පෑන් තමුන් මෝඩ බැල්#. තමුන්ට මෙහෙන් ලේසියෙන් බේරිලා යන්න බෑ"
තමා ළග දණගසා ගෙන හඩන පෑන් නැමැති ගැහැණු ළමයාගේ කෙස්වැටියෙන් තද කර අල්ලන් ඇයගේ මුහුණ තමා දෙසට හරවමින් මේරිවුඩ් කිව්වා.

"නෑ-නෑ නෑ මිසිස් මේරිවුඩ් මම- මම- පැ-පැනලා යන්න හැදුවේ න්-නෑ"
තමාගේ දම් පැහැ වී ඉදිමී ඇති දකුණු ඇහැ ලාවට ඇරගන්න උත්සහ කරමින් පෑන් අමාරුවෙන් මේරිවුඩ්ට කිව්වේ තම අත් එකට එකතු කරමින් අයදිමිනි.

"හහ් තෝ වගේ බැල්#යෝ කියන බොරු විශ්වාස කරයි කියලද තමුන් හිතන්නේ-
ඇබී මෙහෙට වරෙන්-"

මේරිවුඩ්ගේ අණ කිරීමට කලුවරෙන් මතු වූයේ ඇබීය. ඇබී බිම බලන්ම මේරිවුඩ් දෙසට එන අතර ඇගේ හදවත මෙන්ම මුලු ඇගම වඩ වඩාත් වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.

"මේකි කියන්නේ ඇත්තද ? බොරුද ?"
පෑන්ගේ හිසට ඇගිල්ලෙන් අනිමින් මේරිවුඩ් ඇබීගෙන් විමසුවා.

ඇබී තම පහතට කරන් සිටි හිස සෙමින් ඔසවා පෑන් දෙස බැලුවේ කිසිවක් කර කියා ගත නොහැකිවයි.

පෑන්ගේ ඇස්වල ලියවී තිබුණේ "ඇබී මාව බේරගන්න" යන වචනයි. නමුත් දැනටමත් මේරිවුඩ් ඇත්ත දනී. තවත් බොරු කීමෙන් වන්නේ තමාවද විනාශයට පත් වීමයි. පෑන් "එපා" යනුවෙන් හෙමිහිට හිස සලද්දිත් ඇබී තමා දෙසම බලා සිටි මේරිවුඩ් දෙසට තම ඇස් ගෙන ගියා.

"ඔව් එයා මෙහෙන් පැනලා යන්න ප්ලෑන් කලා. මාවත් ඒකට හවුල් කර ගන්න හිටියේ. මම බෑ කිව්වා"
ඇබී නැවත බිම බලාගෙනම මේරිවුඩ්ට පැවසුවා.

"තෝ දැක්කද උඹේ හොදම යාළුවත් කියන්නේ උඹ මෙහෙන් පැනලා යන්න හැදුවා කියලා"
පෑන්ගේ කෙස් වැටියෙන් අදිමින් මේරිවුඩ් දත්මිටි කමින් කිව්වා.

"වරෙන් තෝ ආපහු කවදාවත් මේ වැරදි වැඩේ කරන්න නැතිවෙන්න මම තොට පාඩමක් කියලා දෙන්න"
පෑන්ගේ කෙස් වැටියෙන්ම අල්ලගෙන මේරිවුඩ් පෑන්ව බිම දිගේ ඇදන් ගියේ බේස්මන්ට් එකට යන්න තියෙන දොර ගාවටයි. පෑන් තම කොණ්ඩේ බේර ගැනීමට මර හඩින් විලාප තියද්දී ඇබී වහා තම කන් දෙක වසා ගෙන එතනම දණින් වැටුණේ ඇහින් කදුලු බිදු පීල්ලකින් වතුර වැටෙනවා මෙන් තම කම්මුල දිගේ ගලා ගෙන යද්දියි.

Door To Hell [COMPLETED]Where stories live. Discover now