Chapter 8

4K 631 186
                                    


ටේහ්‍යුන්ග් හිටියෙ දත් තිස්දෙකම එළියෙ දාගෙන ඇඳේ එහාට මෙහාට පෙරළෙන ගමන්. හෙට දවස උදාවෙනකම් ටේහ්‍යුන්ග් හිටියෙ නොඉවසිල්ලෙන්. ආයෙමත් හෙට උදේට එයාට පුළුවන් ජන්ග්කුක්ගෙ මූණ බලන්න... ඉතින් ටේහ්‍යුන්ග් ප්‍රාර්ථනා කරා ඒ රැය ඉක්මනට ගෙවිලා ගිහින් ඉක්මනින්ම හෙට උදෑසන උදාවෙන්න කියලා.
ටේහ්‍යුන්ග් ෆෝන් එක අරන් gallery ට ගිහින් ඒකෙ පිරිලා තියෙන ජන්ග්කුක්ගෙ එක එක විදිහෙ ෆොටෝස් දිහා බැලුවා. අන්තිමේදි එයා නතර උනේ අද එයා ගත්තු ජන්ග්කුක්ගෙ ෆොටෝ එක ළඟ. සුදු පාටින් වැහිලා හිටපු ජන්ග්කුක්ගෙන් නිකුත් උනේ හරිම අහිංසක ලස්සනක්. මූණ වේල් එකකින් වැහිලා තිබුණත් ඒ ලස්සන අඩුවෙලා තිබුණෙ නෑ. ගවුමට ගානට හැඩවෙලා තිබුණු ඉන දකිද්දි ටේහ්‍යුන්ග්ට ඒ හීනි ඉන එයාගෙ අත් අතර තියෙද්දි කොහොම වෙයිද කියලා බලන්න හිතුණා.
තවත් ටික වෙලාවක් ජන්ග්කුක්ගෙ ෆොටෝ එක දිහා බලන් හිටපු ටේහ්‍යුන්ග් ෆෝන් එක පැත්තකට දාලා ආයෙමත් ඇස් දෙක පියාගෙන ජන්ග්කුක්ව මවාගන්න උත්සාහ කරා. එදා හවස ජන්ග්කුක් එයාව දැක්කම ඒ කම්මුල් රතුපාටින් පාටවෙලා ගියපු හැටි මතක් වෙද්දි ටේහ්‍යුන්ග්ගෙ තොල් මතින් සියුම් සිනහවක් ඇඳුණෙ එයාටත් නොදැනුවත්වම.
අන්තිමේදි ජන්ග්කුක් ගැන සිතුවිල්ලෙන්ම ටේහ්‍යුන්ග් නිදි දෙව්දුව තුරුලට ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"Good morning kookie..." කණ ළඟින්ම ඇහුණු සද්දෙට ජන්ග්කුක් ගැස්සිලා ගියා.

"ටේහ්‍යුන්ග්??"

"ම්ම්... මොකද්ද අප්පා. ගුඩ් මෝනිං කිව්වම ගුඩ් මෝනිං කියන්නකො."

"ගුඩ් මෝනිං... ඒත් මොකද්ද අර කුකී කතාව??"

"ආහ්.. ඔයාගෙ නූනා එහෙම තමයි ඔයාට කතාකරේ.."

"දැන් එතකොට ඔයා මගෙ නූනද??"

"මොකද්ද කුකී.. ඔච්චර නපුරු වෙන්න එපා."

ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක් දිග හුස්මක් පිටකරේ ටේහ්‍යුන්ග් එක්ක වාද කරලා ඇති ඵලක් නෑ කියලා එයා දන්න නිසා.

"ඔයා... ඊයෙ ලස්සනයි." ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ ඩෙස් එක උඩින් ඉඳගෙන එයාගෙ මූණට එබිලා කියද්දි ජන්ග්කුක්ගෙ කම්මුල් රෝස පාට වුණා.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now