Chapter 10

4.2K 602 220
                                    

හපාගෙන ඉඳලම රතු පාටින් දිලිසෙන තොල්.. වැස්සට අහුවෙලා තිබුණු හින්දා ඇඟටම ඇලුණු ශර්ට් එක.. අඬපු නිසාද මන්දා ලාවට රත්පැහැ ගැන්වුණු දෑස්.. ටේහ්‍යුන්ග්ට මොහොතකට හැමදේම අමතක කෙරෙව්වා. පිටත ඇදහැලෙන වැස්සත් හැඟීම් අවුස්සන සුළු වෙද්දි ටේහ්‍යුන්ග් හිමීට ජන්ග්කුක්ගෙ මූණට ළංවෙන්න ගත්තා.

ජන්ග්කුක්ගෙන් කිසිම විරුද්ධත්වයක් එල්ල නොවෙද්දි ටේහ්‍යුන්ග් ඒ දෙන්නා අතර තිබ්බ දුර සම්පූර්ණයෙන්ම නැතිකරලා දාලා එයාගෙ තොල් ජන්ග්කුක්ගෙ වෙව්ලන රතු තොල් උඩින් තිබ්බෙ ජන්ග්කුක් එයාගෙ අත්වලින් ටේහ්‍යුන්ග්ගෙ කෝට් එක තදකරලා අල්ලගනිද්දි.

පිටත ඇද හැලෙන හැඟීම් අවුස්සවන මුරුගසන් වරුසාව මැද්දෙ ටේහ්‍යුන්ග් උණුසුම් ලෙස ජන්ග්කුක්ව සිපගනිමින් සිටියා. සියුම්ව පටන් ගත්තු සිපගැනීම බිඳෙන් බිඳ රළු වෙද්දි ටේහ්‍යුන්ග්ගෙ ලොකු අත් ජන්ග්කුක්ගෙ පුංචි ඉන වටේට එතිලා ගියා. ටේහ්‍යුන්ග්ගෙ අත්වලට එයාගෙ ඉන තදවෙද්දි ජන්ග්කුක් ගැස්සුනු නිසා ඒ මුව මඳක් විවෘත වෙද්දි ටේහ්‍යුන්ග් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් එයාගෙ දිව ජන්ග්කුක්ගෙ මුව තුලට ඇතුල් කර මුළු මුව පුරාම රස සොයා ගියේ ජන්ග්කුක් වෙතින් සිහින් කෙඳිරිලි පිටවෙද්දි. ජන්ග්කුක්ගෙ සිපගැනීමෙ තිබුණු නුපුරුදු බව ටේහ්‍යුන්ග්ට දැනුනත් ඒ ගැන හිතන්න තරම් සිහියක ටේහ්‍යුන්ග් ඒ වෙලාවෙ හිටියෙ නෑ. දෙතොල් එකිනෙක පැටලෙද්දි ටේහ්‍යුන්ග් හිතේ හැටියට ඒ දෙතොල් රස බැලුවෙ ජන්ග්කුක්ව දැඩිව සිපගනිමින්. ටේහ්‍යුන්ග් සිපගැනීම කෙරෙහි කෙතරම් අවධානය යොමුකර සිටියාද කිවහොත් ජන්ග්කුක් සිය පපුවට ගහනවා පවා ටේහ්‍යුන්ග්ට දැනුනෙ නෑ. අන්තිමේදි ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙන් මිදෙන්න දැඟලුවා. ඒ වෙලේ තමයි ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ තොල් මුදාහැරියෙ.

ටේහ්‍යුන්ග් කිස් එක නවත්තපු ගමන් ජන්ග්කුක් වේගයෙන් හුස්ම ගන්න පටන් ගත්තා. ඒක දැක්කම නම් ටේහ්‍යුන්ග්ගෙ හිතට පුංචි පසුතැවීමක් දැනුනා. ඒ හින්දා එයා ඉස්සරහට වෙලා ජන්ග්කුක්ගෙ පපුව අතගෑවෙ එයාට හුස්ම ගන්න පහසුවක් වෙන්න. ඒත් තෙමිලා තිබ්බ ශර්ට් එක නිසා ජන්ග්කුක්ගෙ උණුසුම් සිරුරේ පහස කෙලින්ම එයාගෙ අත්ලට දැනෙද්දි ටේහ්‍යුන්ග් එහෙම්මම අත ආපහු ඇදලා ගත්තෙ එයාට එයා ගැනම විශ්වාසයක් නොතිබුණු හින්දා.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now