Chapter 12

403 96 20
                                    

"සෝස්"

"මොකක්ද ?"

මම ශේන්ගේ කමිසයේ තිබ්බ ඇස් දෙක ශේන්ගේ මූණ දිහාට හරවමින් ඇහුවා.

"ඔයා මගේ කමිසේ පැල්ලම දිහා බයවෙලා වගේ බලන් හිටිය නිසා කිව්වේ.....පීසා ඕඩර් කරලා මම කලින් හදලා තිබ්බ තක්කාලි සෝස් එකක් ෆිඡ් එකෙන් අරන් ලිපේ තිබ්බා. ඉතින් ඒ එක්කම වගේ පීසා එක ආවා. මම ලිප වහලා ගිහින් පීසා එක අරන් ආපහු සෝස් දාපු භාජනේ මම ඇල්ලුවේ අතෙන්. රස්නෙ නිසා භාජනේ ඇතැරිලා සෝස් ටිකක් මගේ කමිසේ හැලුණා."

"අපොයි ඔයාට මුකුත් තුවාලයක් වුණේ නෑ නේද ශේන් ?"

යුමි කලබලයෙන් වගේ ඇහුවා.

"ආහ් ! නෑ නෑ මට අවුලක් නෑ. මම ආවේ පීසා එකක් දීලා යන්න. මම පීසා දෙකක් ඕඩර් කලා. එකක් වැඩියි වගේ. අනික ෆිජ් එකේ දාලා ඔය පීසා ආපහු උදේට කන්නත් බෑ. මම උදේට කාලා යන්නෙ නැනේ. ඉතින් මේක ඔයාලට ගෙනාවා."

"තැන්ක්යූ ශේන්"

යුමි පීසා එක බාර ගනිමින් කිව්වා.

"එහෙනම් මම ගිහින් එන්නම්."

ශේන් මටත් යුමිටත් බායි කියන්න අත වනන්න ගත්තා.

"ශේන්"

මම ශේන්ට කතා කරලා ශේන්ව නවත්ත ගත්තා.

"තැන්ක් යූ අද බීම එකට"

ශේන් මගේ ස්තූතිය පිලි ගත්තා කියලා කියන්න හිනාවක් දාලා ඔලුව හෙලෙව්වා.

"ආහ් ශේන් සොරි දොර අරිද්දිම වගේ කෑ ගැහුවට. අද ගොඩක් ඇඩ්රස් වැරදිලා මිනිස්සු ආවා අපේ ගෙදරට ඒකයි"

"හරි ඒකට කමක් නෑ යුමි"

එහෙම කියලා ශේන් එයාගේ කාමරේට ගිහින් දොර වහ ගත්තා. අපි දෙන්නත් දොර වහන් ගේ අස්සට ගිහින් ශේන් ගෙනාපු පීසා එක රස කර කර කන්න පටන් ගත්තා.

"ශේන් එහෙම ඉද්දි සෙක්සි පාටයි නේද ?"

යුමි මගෙන් පීසා එක කන අතරමග ඇහුවා.

"කොහොම ඉද්දිද?"

මම කටේ පීසා කෑල්ලක් ගිලින ගමන් අමාරුවෙන් ඇහුවා.

"ඇයි දැන් ආපු විදිහ. කොණ්ඩෙ නාලා තෙත් වෙලා. එයාගේ කකුල් වලට වඩා ලොකු කලු කොට කලිසම දණහිස ගාවට වෙනකම්. එයාගෙ ඇගට වඩා ලොකු විනිවිද පේන සුදු ටී-ෂර්ට් එක. මාර මැචින් ! මං ලයිව් අයිඩල් කෙනෙක් දැක්කා වගේ හැගීමක් ආවා"

Desires Will Hurt  [COMPLETED]Where stories live. Discover now