Chapter 11

3.9K 594 101
                                    

ජන්ග්කුක් එදා ආවෙ පරක්කු වෙලා. එයාට ඕනෙ උනේ කොහොමහරි ටේහ්‍යුන්ග්ව මඟ අරින්න. මොකද කලින් දවසෙ උනු සිදුවීම් ජන්ග්කුක්ගෙ හදවතට ලොකු බරක් එකතු කරලා තිබ්බෙ. එයා ටේහ්‍යුන්ග්ට එයාව කිස් කරන්න ඉඩ දුන්නා.. ඒ විතරක් නෙවෙයි ටේහ්‍යුන්ග් එයාගෙ ඇඳුමුත් මාරුකරා. ජන්ග්කුක් යටි හිතින් ඒ දේවල් නිසා ලැජ්ජාව මුසු ආශ්වාදයක් වින්ඳත් එයාගෙ උඩු හිත බයවුණා ඒ දැනෙන හැඟීම් වලට ඉඩක් දෙන්න. ටේහ්‍යුන්ග් කියන්නෙ දඩබ්බරයෙක් කියලා දැනගෙන හිටපු නිසාම ජන්ග්කුක් තවත් බයවුණා. මොකද මේ දේවල් කොහෙන් කෙළවර වෙයිද කියලා එයාට අදහසක් තිබ්බෙ නෑ.

ටේහ්‍යුන්ග් නම් පන්තියෙ ඉස්සරහට වෙලා උගන්නන ජන්ග්කුක් දිහා බලන් හිටියෙ තරහින්. ජන්ග්කුක් ආපු වෙලාවෙ ඉඳන්ම එයාව මඟ අරිනවා කියලා ටේහ්‍යුන්ග්ට හොඳටම තේරුණා. උදේ ඉඳන් කොච්චර උත්සාහ කරත් ජන්ග්කුක් එයාට ඉඩක් නොදුන්නු හින්දා ටේහ්‍යුන්ග් හිටියෙ තරහින්. තරහ උපරිමේට එද්දි ටේහ්‍යුන්ග් ෆෝන් එක අරන් මැසේජ් එකක් ටයිප් කරා. ටිකවෙලාවකින් ගුරු මේසෙ උඩ තිබ්බ ජන්ග්කුක්ගෙ ෆෝන් එක vibrate වෙද්දි ජන්ග්කුක් ෆෝන් එක අතට ගත්තා.

Taetae💚

ඔයා මං දිහා නොබලා දිගටම ඔය විදියට හිටියොත් මං මේක ක්ලාස් එක කියලා නොබලා ඇවිත් ඔයාව කිස් කරනවා මේ ළමයි හැමෝම ඉස්සරහ.. ඒකට කැමති නම් දිගටම මාව මඟාරින්න.

මැසේජ් එක දැක්කට පස්සෙ ජන්ග්කුක්ගෙ තොල කට වේලිලා ගියා. එයාගෙ කම්මුල් වලට ලේ පුරලා පුපුරන්න ඔන්න මෙන්න සයිස් වෙද්දි එයා ඇස් උස්සලා හෙමීට ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ඒ මූණ කළු වෙලා.. ඇස් වල බැල්ම තවත් තියුණුයි. ඒ විදියට ටේහ්‍යුන්ග්ව දකිද්දි කොල්ලා කියපු විදියටම නොකර ඉන්න බැරිකමකුත් නෑ කියලා ජන්ග්කුක්ට තේරුණා. ඒත් එයා මුකුත් ටයිප් කරන්න කලින්ම ක්ලාස් එකේ දොර ඇරුණා. ඇවිත් හිටියෙ විනයභාර සර්.

"ටීචර් ජන්ග්කුක්.. ප්‍රින්සිපල් සර් ඔයාට කතාකරා." විනයභාර සර්, මිස්ටර් කන්ග් කියද්දි ජන්ග්කුක් ඔලුව වැනුවා.

"හරි සර් මං ක්ලාස් එක ඉවර කරලා..."

"දැන්ම එන්න.. මේක වැදගත් දෙයක්.." ජන්ග්කුක්ට බාධා කරලා මිස්ටර් කන්ග් කියද්දි ළමයි හැමෝම පුදුම උනේ ප්‍රශ්නෙ මොකද්ද කියලා.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now