- Cadenza -

1.5K 165 85
                                    

මේ කියන්නේ සිද්ධ වෙන්න තියන කතාවක්වත් , සිද්ද වුන කතාවක්වත් නෙවේ.. යන්තමින් කැරකෙන ග්‍රැමෆෝන් එකක් වගේ කලබලයක් නැතුව හිමීට කැරකෙන ලස්සන සිංදුවක් ගැන ... උඩ පහළ යන කළු සුදු පාට කතන්දර ගොඩක් අතරේ හැංගුනු මිමිණීමක් වුනු තනුවක්... මේ කතාව ඒ යතුරු අතරේම අමුණපු තනුවක්....වෙලාවක උච්චර ස්වරවලිනුත් , වෙලාවකට දරාගන්න බැරි තරම් මන්ද්‍ර ස්වරවලිනුත් තාලෙකට ලියැවුණු අමුතු සිංදුවක්...

ඒක ටිකක් පරණ වයලීනයක්.. ඒත් පියානෝව එක්ක හරි රහට මුහු වුන වයලීනයක්.. ඒ බටනළාවත් මහ ලොකු වටිනාකමක් නැතිවට , ඒ බටනළාවේ අයිතිකාරයා ඒකට දුන්නේ ලොකු වටිනාකමක්.. පරණ දූවිලි වැදුන ශාලාව දූවිලි පිහිදාපූ එක චූටි කොල්ලෙක් වෙව්ලන අතින් එයාගේ පරණ වයලීන් එක එළියට ඇද්දා.. මධ්‍යම පාන්තික පවුලක තුන් වෙනියා වුනු හසනුල්ට මහ ලොකු වටින වයලීනයකට අවස්ථාවක් කවදාවත් ලැබෙන්නේ නෑ කියලා එයා දැනගෙන ඉදියා.. ඒත් ඒ වෙව්ලන චූටි ඇගිලි වයලීනය උඩ මැවුවේ හරිම අපූරු තනුවල එකතුවක්... වයලීනයේ දිස්නේ වියැකුණු දුඹුරුපාටට උඩින් බෝ එකේ තිබ්බ රෝසින් කුඩු එකින් එක වැටුනේ පුංචි හිම පතනයක් වයලීන් එක උඩ නිර්මාණය කරලා.. ඒත් ඒ ඇදෙන තන්තුවක් ගානේ දැනෙන රස හරියට , සීතල කාලේ අන්තිම මේපල් කොළ වැටෙන කාලේක උණු කෝපි එකක් වගේ... එයා මාරුවෙන එක ස්වරයක් ගානේ තොල් දෙකත් උල් කරගෙන වයලීනයට පණ දෙන්නේ හරිම හැගීම්බරවිදියට...

ඒ පිටින් බලන කෙනෙක්ට.. ඒත් හසනුල්ට ? එයාගේ ගැඹුරුම තැන් එළියට ගන්න පුළුවන් එකම දේ මියුසික්.. හරිම ළයාන්විත හඩින් හසනුල් වාදනය කළේ , කබී අල්විදා නා කෙහෙනා කියන ජනප්‍රිය ගීතයක්... උද්වේගකර වාදනයන් බරගාණකට පස්සේ දූවිලි වැටුනු බිම ඔහේ වාඩි වෙන පුංචි කොල්ලා කකුල් දෙක අස්සේ මූණ ඔබාගෙන යන්තම් ඉකිගහනවා.. ආයෙත් වෙව්ලන අතින් බටනළාව අතට ගන්නවා.. ඒ එක ඉකියක් ගානේ බටනළාවේ ස්වර විසිරිලා යනවා.. සමහර විට ඒ වේදනාව ස්වර කරන්න තරම් බටනළාවටත් බෑ කියලා හසනුල් දන්නවා.. ඒ හැම අවුට් එකකටම හසනුල්නුත් ආයේත් ලොකු හුස්මක් ගන්නවා.. සමහර විට ඒ හසනුල්ගේ සංවේදි හිත වෙන්නැති...

-▫️CAdEnzA▫️- Where stories live. Discover now