සුභ නව වසරක් වේවා..

42 15 10
                                    


මැදියම් රෑ පුරා ඉන්ධන පෝලිමක
දියර පෙට්‍රෝලියම් වැඩි මිලට හූල්ලන..
කලුවරේ දර ලිපක හැදෙන කිරිබතක රස
හදවතේ ගින්දරෙන් කරවුණා පැණි කැවුම..
කපුටාට තැන ගියා - කොහා ගොලු විය මෙදා
මහපාරේ හති වැටුණ දනෝදන බෝ සැරට..
අපේම පන්තියක උන් - අරගලය එකට ගෙන
වඩා හොඳ හෙටක් ගෙන එන්න ලක් මවට ගරු

ගාලු මුව දොර ගිගුම් දී ජය දිනේවා අරගලය හෙට දින..
බතින් බුලතින් නොමින් ඵලයෙන්  නිවේවා  කුසගිනි සෑම දන..
තැවුන ලක්මව නිවාලන්නට සවි ලැබී නව අරුණ දිනකට..
වින කටින සොර පවුල එලවමු එයයි අවුරුදු සැබෑ අරුතක....

තරංගා පරණවිතාන ~

අම්මා ලියලා දුන්නේ..🤗❤️🔥

Ⓖⓞⓛⓓⓔⓝ ⓀⓘⓜⓢZWhere stories live. Discover now