01

7 2 3
                                    

පායා ආ සඳ අඳුරු වළාවලින් වැසෙන නැග ආ හිරු සැගවෙනා වැසි සමයක මම හිටියේ උණුම උණු කෝපි කෝප්පයක් එක්ක ජනේලයක් ළඟ තනියම...

කෝප්පේ අල්ලන් හිටිය අත් දෙකේම අල්ල ගිනි තියලා වගේ දැනෙද්දිත් ඒක අතාරින්නෙම නැතුව අල්ලගෙන හිටියේ මම දුර්වල නෑ කියන හැගීමේ මටම ගිලෙන්න තියෙන ආසාවට....
දුර්වලයෙක් නොවෙන්න නම් වේදනාවල් ඉවසන්නම ඕනේ කියලා මට කියලා දුන්නේ සාමාජය.

මම සයුල් රණසිංහ. කාගෙවත් මූණක් බලලා හිනා නොවෙන හැඟීමක් දැනීමක් නැති කවුරුත් අවශ්‍ය නැති ඒ අඩම්බරකාරයා මම.

මගේ හිත පරවුණ මලක්. ඔව්. පරවුණ මලක්. සුවඳක් තෙතමනයක් ඒකේ ගෑවිලාවත් නෑ. පාටක් ගැන හිතන්නවත් ඒ හිතට උවමනාවක් නෑ. වියළි පාළු පාරක යන අබලන් වාහනයක් නිසා හුළඟට ගහගෙන යන දූවිල්ලක් තරම්වත් හැඟීම් දැනීම් ගනන් නොගත්ත හිතක් මේක.
ඒත් ඒ ඉස්සර... එයාව දකින්න කලින්...

අවාරෙට දූරියන් වැටෙනවා වගේ සැරින් සැරේට ඇහුණ ඒ නම යශෝධා... කවදාවත් ඒ කාලේ හිතුවෙ නෑ ඒ නමේ හිමිකාරි ඒ තරම් ලස්සන වෙයි කියලා... ඒ රූපේ මාව හොරකම් කළා. එයාව දැකපු පළවෙනි තප්පරේම කාෂ්ටකේට අහුවුණ මගේ හිත ඇතුළේ මොර සූරන වැහි වැස්සා...

හඳක් වගේ ඒ මූණ දකින මොහොතක් ගානේ වැස්ස වැහැලම පෙගිල මෙලෙක් වුණ හිත එයත් එක්ක හීන දැක්කා... පුංචි පුංචි මල් පොහොට්ටු පාට පාටින් මේ හිත ඇතුළේ පිරුණා... මාත් එක්ක කතා නොකරන මාව ගනන් නොගත්ත මාව නොදැනුන එත් මං මගේමයි කියලා හිතපු මගේ යශෝ දවසින් දවස මං එයාගෙම වුණා. පළවෙනි පාරට මං තව කෙනෙක්ගෙන් අවධානය ආදරය බලාපොරොත්තු වුණා. එයාට රස කෑම අරන් දෙන්න මං ආස වුණා. හම්ම් මට රසට උයන්න පුළුවන්. ලස්සන අඳුම් අන්දලා හැඩ බලන්න ආසා උණ මගේ හිත දවසක්දා එයා මනමාලියෙක් වෙනවා බලන්න මටත් නොකියම බලාපොරොත්තුවක් හදාගෙන තිබුණා...

හිතුවා වගේම එයා ලස්සන මනමලියක් වුණා... එදා අකීකරු මගේ ඇස් මටත් නොකියම තෙමුණා... හිත ඇතුළේ වැහැපු වැස්ස ඇස් වලින් එදා දෝරේ ගැලුවා...

දැන් ලස්සන දරු පටව් දෙන්නෙක් ඉන්නවා... ඔව් එයාලා දැන් ලොකුයි.... අපි දැන වයසයි...
මං හදපු රසම රස.... රසයි කියලා හිතන.... මගේ යශෝ කවදාවත් කාලා රසයි කියලා නොකියපු තවත් කෑම වේලක් දවල් ඉදන් හීල් වෙනවා මේසේ උඩ...
ඔව්... යශෝ මගේ මනමාලි වුණේ නෑ කවදාවත්... අදටත් හිත අස්සේ වහින වැස්ස ඇස් වලින් දොරේ ගලන්න නොදී මං ඉවසනවා...
තාමත් මේ හිත ඇතුළේ මොර සූරන වැහි වහිනවා.....

...........................................................

හායි....
කොහොමද ළමයි....

ඈWhere stories live. Discover now