Chapter 17

3.7K 555 181
                                    

"ඔයාටත් මේකටම එන්න ඕනෙ උනානෙ ඉතින්. අර මඟ තිබ්බ කඩේකින් කෑවානම් ඉවරයිනේ." ජන්ග්කුක් මුණු මුණු ගගා ටේහ්‍යුන්ග්ට දොස් කියද්දි ටේහ්‍යුන්ග් cashier එකේ හිටපු ගර්ල්‍ට හිනාවුණා.

"සර්ලා මොනවද ඕඩර් කරන්නෙ?"

"අපිට අයිස් ඇමරිකානෝ දෙකකුයි චීස් කේක් දෙකකුයි දෙන්න."

"හරි සර්.. සර්ලට ටිකක් වෙලා ඉන්න වාඩිවෙලා පුළුවන් නේද ඕඩර් එක එනකම්." Cashier එකේ හිටපු ගර්ල් සුහද හිනාවක් එක්ක අහද්දි ටේහ්‍යුන්ග් ඔලුව වැනුවා.

"ශුවර්.." ඊටපස්සෙ ජන්ග්කුක් එක්කම ටේහ්‍යුන්ග් ගිහින් කැෆේ එකේ කෙලවරේම තිබුණු මේසයකින් ඉඳගත්තා.

"ඔයා මේකෙ චීස් කේක් එක කාලම බලන්නකෝ.. ඔයාට තේරෙයි ඇයි මේක මේ පැත්තෙ ෆේමස්ම කැෆේ එක කියලා." ටේහ්‍යුන්ග් ඇහැක් ගහලා කියද්දි ජන්ග්කුක් එරෙව්වා.

ටිකවෙලාවකින් වේටර් කෙනෙක් එයාලගෙ ඕඩර් එක ඇරන් ආවා. Iced americano වීදුරු දෙක පිළිවෙළට ඒ දෙන්නා ඉස්සරහින් තියලා පුංචි පීරිසි දෙකක පොඩි ගෑරුප්පුවක් එක්ක තිබ්බ චීස් කේක් දෙකත් වීදුරු දෙක ළඟින් තියලා වේටර් එතනින් අයින් වෙලා ඉවතට ඇවිදන් ගියා.

"කන්න.." ටේහ්‍යුන්ග් ගෑරුපුවෙන් කේක් කෑල්ලක් අරන් ජන්ග්කුක්ගෙ තොල් ඉස්සරහට ළංකරා. ටේහ්‍යුන්ග්ට රවාගෙනම ජන්ග්කුක් ඒ කට කෑවත් කේක් කෑල්ල ඉබේම දියවෙලා ගිහින් ඒකෙ රස දිවට දැනෙද්දි ජන්ග්කුක්ගෙ මූණත් ඉබේම වෙනස් වෙලා ගියෙ ටේහ්‍යුන්ග්ගෙ මුවටත් සිනහවක් නංවලා.

"ම්ම්ම්... ඒක නම් මාරම රසයි ටේ."

"ඒකනෙ මං කිව්වෙ.. දැන්වත් රවන එක පැත්තකින් තියලා ඕක කන්න."

ටේහ්‍යුන්ග් කියද්දි එයාට එකඟවුණු ජන්ග්කුක් කේක් කෑල්ල කන්න පටන් ගත්තා.

"ඔයාට ඇතිද ඔය කෑවා?" එයාගෙ කේක් කෑල්ල කාලා ඉවරයක් කරපු ජන්ග්කුක් මෙච්චර වෙලා ජන්ග්කුක් කන හැටි රසවිඳින ගමන් හිටිය ටේහ්‍යුන්ග්ගෙන් ඇහුවෙ ටේහ්‍යුන්ග්ගෙ කේක් කෑල්ලෙන් භාගයක් විතර ඉතුරු වෙලා තිබ්බ නිසා.

"ම්ම්.. ඇති. ඔයා කන්නකො මේකත්.." කොල්ලා එහෙම කියලා එයාගෙ එකත් ජන්ග්කුක්ට දීලා ජන්ග්කුක් තරහ පෙනුමකින් තොල් උල්කරගෙන කන විදිහ දිහා ආසාවෙන් බලන් හිටියා. ජන්ග්කුක්ගෙ මූණෙ තිබ්බ angry pout එක නිසා ටේහ්‍යුන්ග් අත්දැකීමෙන් දන්නවා එයා කේක් එකේ රසට ආසයි කියලා.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now