පෑනට ඔබේ සියුමැලි අත රිදෙනවද
පාඩම් කරල නුඹෙ ඇස් දෙක රිදෙනවද
වෙනදා වගේ පාඩම් වැඩ කරනවද
සිහිනෙන්වත් මා නුඹ හට පෙනෙනවද.මලක් අතට ගත් විට පොඩි කරන්නෙපා
පොරොන්දුවක් දුන් විට කඩ කරන්නෙපා
චරිතෙට මිස රූපෙට රැවටෙන්න එප
එහෙනම් නංගියෝ මා අමතක කරන්නෙපා .තිත්තයි කිය කියා කරවිල කන්න එපා
ඇඹුලයි කිය කියා දෙහි යුශ බොන්න එපා
ආලය කිය කියා හදවත ගන්න එපා
මට බෑ කිය කියා මා තනිකර යන්න එපා .කොට්ට දෙකයි මගෙ යහනේ පවතින්නේ
ඉන් එක් කොට්ටයක් ඔබටයි හිමි වන්නෙ
ඔබ නැති නිසා එය තුරුලට අරගන්නේ
ඔබ ගැන සිත සිතා මා නින්දට යන්නේ.ආලය නැමැති හදවත ගෙන මල්ලකට
මැනලා බලනවද ලමයෝ සෙල්ලමට
එල්ල කරති පිස්තෝලය හදවතට
දෙන්න එපා එක හදවත දෙන්නෙකුටවෙන් වුනාට සුලි සුළගට කුරුලු කූඩුව
වෙන් වුනේ නැ කවදාවත් කුරුලු ජෝඩුව
සරලය යන්නට කලියෙන්
කදුලු වී කඩා වැටුනා දෙපාමුලපෑනයි පොතයි අතට ගත් විට
දෑසින් කදුලු වැටුනා ලිපිය මත
වම් අතින් පිස දමා දකුණින් ලියන විට
සිහි උනා මගේ රත්තරන්ව මටආසයි යමක් පවසන්නට ඔබ එය අහනවද
දහසක් පැතුම් මල් සිත තුල පිපී ඇත
රහසක් කියන්නද ඔබ එය රකිනවද
යන පද හතරෙ මුලකුරු මට පුදනවදආදරය යනු සොදුරු වරදකි.
එහි පැටලීම ආත්ම දමන නිර්වරදකි.ආදරය යනු ආත්මය සනසන පිවිතුරු හැගීමකි.
එය දවා පොඩි කිරීම සැමදා නෙතු නොනිදන වරදකි.ප්‍රානසම ආදරය නිසාය
නොලැබෙන බව දැන දැනම
තවමත් නෙතු සොයන්නෙ ඔබමය
ලැබුනත් නැතත් මාගෙ කුලුදුල් ප්‍රේමය නුඹමයමා සැමදා සෙව්වෙ ඔය නෙතුමය
එහෙත් නෙතු රිදෙව්වෙත් ඔබමය
ඒ රිදුනු නෙත් සොයන්නෙත් ඔබමය
තෙරෙන්නෑ මේ ආදරය පුදුමය
කොතරම් ඔබට මා එපා වූවද
නෑ කවදාවත් මට එපා වූයේ ඔබව
කෙතරම් මකන්න හැදුවත් මතකයෙන් ඔබව
නෑ මට එය කල නොහැක මංද ඔබ මාගේය......ලියන ලියන හැම කවියම නුඹ වෙනුවෙන් වුනාවේ
සිතන සිතන හැම පැතුමම නුඹ වෙන්වෙන් වුනාවේ
තබන තබන හැම පියවර නුඹ සමඟින් වුනාවේ
ලබන ලබන හැම භවයෙම නුඹ මගෙ සඳ වුනාවේකවි ලියන හිත ගාව නුඹ ඉන්නවා නම්
හිත දකින හීන වල නුඹ ඉන්නවා නම්
පෙම් කරන මා ගාව නුඹ ඉන්නවා නම්
හැමදාම නුඹව මම පණසේ රකින් නම්.......................... නෙතූ🥀
YOU ARE READING
නිසදැස්.. 🥀
Fanfictionනිසදැස් .. හිතට නැගෙන අදහස් අකුරු කොට... ජීවිතයේ සතුට නැවත ලබා ගත නොහැක එබැවින් හැම මොහොතක්ම සතුටින් ගත කරන්න. [2022.05.05]