අප්පච්චි 🥀

23 8 6
                                    

ආදරය...
අම්ම පෙන්නුව
අප්පච්චි හැංගුව..

අප්පච්චි කෙනෙක්
දරුවෙක් ට
දෙන්නෙ ලෝබ එකම දේ
දුක විතරයි

සාක්කු හිස් උනත්
අපේ බඩකර පුරවපු
ලොකේ ලොකුම පෝසතා
අප්පච්චි


ආදරනීය තාත්තා
සෙනෙහස නැමැති
නිහඬ දිය උල්පතකි
කිසිදා නොසිදෙන

තාත්තා, තාත්තගෙ ආදරේ
නිතරම පෙන්වන්නෙ නැ .
නමුත්
ඒ උතුම් හදවතේ
මහ සාගරය වගේ ආදරයක්
පිරිලා තියෙනවා.
ඒත් ගැබුරු මුහුද වගේ
නිහඩයි .
ඒ තමයි තාත්තගෙ ආදරේ

තිස්තුන් කෝටියක්
දෙවියො ඉන්නව කිව්වත් ලොවේ
පස්සෙ ඉද මාව රැකපු
එකම දෙවියො
නුඹයි තාත්තේ ...


මහ ගොඩක් ආදරේ
පපුතුරක පිරවිච්ච
වරදක් දුටු විට
මහ ගොඩක් සැර වෙච්ච
අඩන්න ඉඩ නොදී
සතුට දී හිනැහිච්ච
මගේ ලොකේ රජ්ජුරුවෝ
නුඹ තමයි අප්පච්චි


හිරු මෙන් එලිය දුන්
පොළොව මෙන් දරා වුන්
මහා මේරු පර්වතය
අප්පච්චි




.................. නෙතූ 🥀

You've reached the end of published parts.

⏰ Last updated: May 11, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

නිසදැස්.. 🥀Where stories live. Discover now