Chapter 31

4.6K 581 151
                                    

"එතකොට බබාගෙ අප්පා ටේහ්‍යුන්ග් ??" ජන්ග්කුක් හොස්පිටල් එකෙන් ඇවිත් මහන්සියට නිදාගත්තට පස්සෙ එයා ඇහැරුනේ ටේහ්‍යුන්ග් නිසා. ඒ නිසා ලීසාට ජන්ග්කුක් එක්ක කතාකරන්න අවස්ථාවක් ලැබුනෙ ටේහ්‍යුන්ග් ගියාට පස්සෙ.

"හ්ම්ම්" ජන්ග්කුක් බිම බලාගෙනම ඔලුව වැනුවා. ජන්ග්කුක්ට ඒ වෙලාවෙ නම් හිතට පොඩි ලැජ්ජාවක් දැනුනා ටේහ්‍යුන්ග් වගේ පොඩි කොල්ලෙක් අතින් එයා ප්‍රෙග්නන්ට් උනා කියලා ලීසා දැනගත්තු නිසා.

"ඕකට ලැජ්ජාවෙන් ඇඹරෙන්න දෙයක් නෑ. කොහොමත් ඔයා බොටම් කියලා මං දන්නවා. මං ඔයාගෙ නිවුන් සහෝදරී කියලා අමතක කරන්නෙපා.." ජන්ග්කුක්ගෙ රෝස කම්මුලක් මිරිකන ගමන් ලීසා කියද්දි ජන්ග්කුක් එයා දිහා බැලුවෙ ඇසුත් බෝල කරන්.

"නූනා මට බනින්නෙ නැද්ද?"

"මං මොකටද දරුවො ඔයාට බනින්නෙ?"

"ඒත්.. මං ප්‍රෙග්නන්ට්.. ටේ තාම පොඩියි..."

"ඔයාට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියෙ නෑනෙ කුකී.. එහෙම උනානම් ඔයා පරිස්සම් වෙනවනෙ. අනික ටේහ්‍යුන්ග් පොඩි උනත් එයාට ඔයාව හොඳට බලාගන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි."

"ඒත් නූනා.. මං නිසා එයාගෙ ළමාකාලෙ විනාස වෙයි.. එයා තාම පොඩියි.. මේ එයාට දරුවෙක් හදන්න කාලෙ නෙවෙයි." ජන්ග්කුක් කිව්වෙ එයාගෙ බඩ හිමීට පිරිමදින ගමන්.

"එතකොට ඔයා?? ඔයා දැන්ම දරුවෙක් හදන්න හිතලා තිබ්බෙත් නෑනෙ. ඔයත් තාම පොඩියි.. අනික කුකී ඔයා කොල්ලෙක්. කොල්ලෙක් ප්‍රෙග්නන්ට් උනා කියන කතාව කිසිම කෙනෙක් පිළිගන්නෙ නැතිවෙයි. එතකොට ඉස්සරහට ඔයාට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙයි. ඔයා ඒවා ගැන හිතුවද??"

"මං දන්නවා නූනා.. මේක ලේසි වෙන එකක් නෑ. මං දරුවෙක් ගැන හිතුවෙ නෑ තමයි.. ඒත් මේ මට දෙවියො දුන්නු තෑග්ගක්. ටේ බබාලට ආදරෙයි.. ඉතින් මේ දරුවා නැති කරගන්න මට බෑ නූනා. කිසිම හේතුවක් නැතුව මගෙ දරුවා මරපු මිනීමරුවෙක් වෙන්න මට බෑ. මං තනියෙන් හරි බබාව හදාගන්නවා."

"දැන් ඔයා මොකද්ද කරන්න හදන්නෙ??"

"මං ඩොක්ටර් මින්ගෙ පුතා ළඟට යනවා.."

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now