Chapter 33

5K 607 130
                                    

ආපහු ගෙදර එන අතරමගදි ටේහ්‍යුන්ග් ඇස් කොනින් ජන්ග්කුක් දිහා බැලුවෙ හිත හිරිවැටිලා යන හැඟීම් තවදුරටත් දරාගෙන ඉන්න බැරි උනු තැන. එකිනෙකාගෙන් ඈත්වෙලා ගත කරපු කාලෙ ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා තිබ්බා. ටේහ්‍යුන්ග් ඉස්සරටත් වඩා නපුරු උනත් ජන්ග්කුක් ඉස්සරටත් වඩා ආදරණීය වෙලා තිබ්බා. ටේහ්‍යුන්ග්ගෙ ළමා කාලෙ තිබ්බ හුරතල් පෙනුම නැතිවෙලා ගිහින් සම්පූර්ණයෙන්ම කඩවසම්, මෝරපු පෙනුමක් එයාට ලැබිලා තිබ්බා. අනිත් පැත්තෙන් ජන්ග්කුක් ඉස්සරටත් වඩා ලස්සන වෙලා තිබ්බා. ඒ මූණ දැන් එන්න එන්නම පින්පාට වෙලා.. ඉස්සර ජන්ග්කුක්ගෙ ඇඟ දකිද්දි රාගය මුල් උනු ආසාවක් දැනුනට දැන් ටේහ්‍යුන්ග්ට ජන්ග්කුක් වෙතින් දිස් උනේ හිත නිවන අහිංසක පින්බර සුන්දරත්වයක්. ජන්ග්කුක් සොල් එක්ක ඉද්දි ටේහ්‍යුන්ග්ට ඒ හැඟීම වැඩියෙන් දැනුනා. ඒත් ජන්ග්කුක් එයාගෙන් මේ හැමදේම හංගපු එකට නම් ටේහ්‍යුන්ග් තාමත් හිටියෙ තරහින්.

ගෙදර ආවට පස්සෙ ටේහ්‍යුන්ග් සොල් එක්ක ගිහින් වොශ් එකක් දාගන්නකම් ජන්ග්කුක් රෑට ඉව්වා. ටේහ්‍යුන්ග් සොල්ව වොශ් කරවලා එයාට අලුත් ගවුමක් අන්ඳවලා පොඩිඑකීව එයාගෙ කාමරේ ඇඳ උඩින් තියලා කාමරේ තිබ්බ TV එකේ disney princess ලගෙ කාටුන් එකක් play වෙන්න දාලා එයත් වොශ් එකක් දාගන්න ගියා. ඔව් ටේහ්‍යුන්ග් ඒ ගෙවිලා ගියපු දවස් දෙක ඇතුලත සොල්ව ළඟින් තියාගෙන එයාට කාමරයක් තෝරලා දීලා සොල් කැමති විදිහට ඒ කාමරේ ලස්සන කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි එයා සොල් වෙනුවෙන් ලස්සන ගවුම් එක්ක කෙල්ලට ගැලපෙන විදිහෙ ඇඳුම්, සපත්තු එක්ක සෙල්ලම් බඩුත් ඕඩර් කරා. ඒ විදිහට තමයි ටේහ්‍යුන්ග් සොල්ගෙ ඇඬිල්ල නතර කරලා එයාගෙ හිත දිනාගත්තෙ.

"ටේ.. " උයලා ඉවරවෙලා කෑමත් මේසෙට ඇරපු ජන්ග්කුක් සාලෙට වෙලා business news බලන ගමන් හිටපු ටේහ්‍යුන්ග්ට කතා කරද්දි ටේහ්‍යුන්ග් හැරිලා එයා දිහා බැලුවා.

"කෑම ලෑස්තියි.."

"අහ්..මං බබීව එක්කගෙන එන්නම්." ටේහ්‍යුන්ග් එහෙම කියලා එතනින් නැගිටිද්දි ජන්ග්කුක් ආයෙමත් එයාට බාධා කරා.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now