Off Beat

448 89 37
                                    

මෙම පොතේ සඳහන් වන සියලුම කරුණු හා සිදුවීම් මෙහි කතෘ වන මාගේ පූර්ණ පරිකල්පනය හෝ සත්‍ය සිදුවීම් මත පදනම් වුනු අර්ධ පරිකල්පනය මත ගොඩනැගූ දෑ වන බැවින් කතෘ අවසරයකින් තොරව ශ්‍රව්‍ය,දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන් කිසිවක් ඔස්සේ පලකිරීමට අවසර නැත. එමෙන්ම කතෘ අවසරයක් සහිතව හෝ රහිතව මෙහි සඳහන් කිසිවක් වාණිජමය අරමුණු හෝ ප්‍රසිද්ධිය තකා සිදුකරන කිසිඳු ක්‍රියාවක් උදෙසා ලබාදීම සිදුනොකෙරෙන බව මෙයින් දන්වා සිටිමි.

©Monalisa

________________________________________________

හැමෝම හිතන් හිටියේ මං නපුරෙක් කියලා.

ඔයා විතරයි දැනන් හිටියේ මං එහෙම නෑ කියලා.

හැමෝම හිතන් හිටියේ මං රණ්ඩුකාරයි කියලා.

ඔයා විතරයි දැනන් හිටියේ මං ඒවට හිනා වෙනවා කියලා.

හැමෝම හිතාගෙන හිටියේ මං ආස ඇක්ශන් ෆිල්ම් වලට කියලා.

ඔයා විතරයි දැනන් හිටියේ මං කැමති කාර්ටූන් වලට කියලා.

හැමෝම හිතන් හිටියේ මං කැමති නිල් පාටට කියලා.

ඔයා විතරයි දැනන් හිටියේ මං කැමති රෝස පාටට කියලා. 

හැමෝම හිතන් හිටියේ මං ආස ලෝයර් කෙනෙක් වෙන්න කියලා.

ඔයා විතරයි දැනන් හිටියේ මං ආස වුනේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න කියලා.

හැමෝම හිතන් හිටියේ මං කැමතිම කොකා කෝලා වලට කියලා.

ඔයා විතරමයි දැනන් හිටියේ මං ආසම සුදු කිරි වලට කියලා. 

හැමෝම හිතන් හිටියේ මං ආස රස්නේ දෙන ඉර එලියට කියලා.

ඔයා විතරයි දැනන් හිටියේ මං ආදරේ හඳට කියලා. 

ඉතින්....මගේ මිත්‍රයා.....ස්තූතියි උඹට ඇත්ත මාව දැනන් හිටියට. ස්තූතියි උඹට ඇත්ත මාව පිලිගත්තට. සන්තෝසයි ඒ කෙනා උඹ වුන එක ගැන. ජීවිතේ කෙනෙක්ට නොලැබෙන දුර්ලභ අවස්ථාවක් හොඳම යාලුවාම ජීවන සහකරු හෝ සහකාරිය වෙන එක. මං ඒ සතුට විඳිනවා උපරිමෙන්ම. 

Off BeatWhere stories live. Discover now