Chapter 34

5.2K 607 148
                                    

ජන්ග්කුක් ලෑස්ති වෙලා එළියට ආවට පස්සෙ  ටේහ්‍යුන්ග් පොඩි එකීවත් වඩාගෙන ජන්ග්කුක් එක්කම ඇවිත් කාර් එකට නැග්ගා. සොල් නම් හිටියෙ හුඟක් සතුටින්. කාර් එකේ යන ගමනුත් වීදුරුවට මූණ තියාගෙන යන සොල්ගෙ බෝල ඇස් කාර් එකේ වීදුරුවෙන් පේන පිටත ලෝකය දිහාට යොමු වෙලා තිබ්බෙ පුංචි කෙල්ලගෙ හිත උද්‍යෝගයෙන් පුරවලා.

මුලින්ම ළඟම තිබ්බ restaurant එකකින් නවත්තපු ටේහ්‍යුන්ග් එතනින් උදේ කෑම ගන්න තීරණය කරා. ජන්ග්කුක් ගොඩක් පරිස්සමෙන් තමයි කෑම තේරුවෙ. එකක් සොල්ගෙ සෞඛ්‍ය.. අනික තමයි ජන්ග්කුක් සැක කරා එයා ආයෙමත් ප්‍රෙග්නන්ට් කියලා.

කඩවසම් ගාම්භීර පිරිමියෙක්, එයාටම ගැලපෙන විදිහෙ අහිංසක සුන්දරත්වයක් මුසු කඩවසම් පිරිමියෙක්, ඊට මැදිවුණු පුංචි සුරංගනාවියක්.. ඔව් ඒ පුංචි පවුල හැමදෙනාගෙම වගේ අවධානය ගන්න සමත්වෙලා තිබ්බා. 

උදේ කෑමෙන් පස්සෙ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්වයි සොල් බබාවයි අරගෙන amusement park එකට ආවා. ටිකට් අරගත්තට පස්සෙ පාක් එකට ඇතුල් උනු ටේහ්‍යුන්ග් සොල්ව එක අතකින් වඩාගෙන අනිත් අත ජන්ග්කුක්ගෙ උරහිස වටේට යවලා එයාවත් ළංකරගත්තා.

"දැදා අල.." සොල් අත දික්කරලා ඈත තිබ්බ smaller roller coasters එකක් පෙන්නද්දි ටේහ්‍යුන්ග් ජන්ග්කුක් එක්ක ඒ දිහාට ඇදුණා.

එතන ඉඳන් මුලු දවසම ගතවෙලා ගියෙ සොල්ගෙ ආසාවන් ගොඩක් සම්පූර්ණ කරමින්. දවල් කෑමෙන් පස්සෙ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්වයි සොල්වයි දෙන්නා එක්කගෙන ශොපින්ග් මෝල් එකකට ගියෙ ඒ දෙන්නට ඕනෙ කරන දේවල් අරන් දෙන්න. ජන්ග්කුක්ගෙ විරුද්ධත්වය මැද්දෙ ටේහ්‍යුන්ග් හැමෝටම අලුත් ඇඳුම්, සපත්තු වගේම සොල්ට ඕනෙ වෙන අනිත් දේවලුත් මිලට ගත්තා. ඊටපස්සෙ restaurant එකකින් රෑ කෑමත් ගත්තු තුන්දෙනා ආපහු එන්න පිටත් උනේ මහන්සියට පොඩිඑකී කාර් එකේම නින්දට වැටෙද්දි.

"ටේ..." ජන්ග්කුක් බයෙන් වගේ කතා කරද්දි ටේහ්‍යුන්ග් එයා දිහා බැලුවා.

"උම්.. ඉස්සරහින් තියෙන ෆාමසියකින් නවත්තනවද? මට ගන්න දෙයක් තියෙයි." ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් ඔලුව වැනුවා.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now