Chapter 35

5.5K 596 262
                                    

"මමා... දැදා..." එහා කාමරෙන් දොර ළඟින් ඇහුණු පොඩි එකීගෙ කටහඬට ජන්ග්කුක් ගැස්සිලා ඇහැරුනා. ඒත් එක්කම එයාගෙ ඇස් ලොකුවෙලා ගියෙ එයා ඉන්නෙ ටේහ්‍යුන්ග්ගෙ නිරුවත් පපුවට තුරුල්වෙලා කියලා තේරෙද්දි. ටේහ්‍යුන්ග්ගෙ අතක් ජන්ග්කුක්ගෙ නිරුවත් බඳ වටා එතිලා තිබ්බා. ඊයෙ රෑ උනු දේවල් එකදිගට හිත ඇතුලෙ මැවෙද්දි ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ට ඇහැරෙන්නෙ නැතිවෙන්න හිමීට බහින්න හැදුවත් එකපාරටම එයාව ආපහු පිටිපස්සට ඇදිලා ගිහින් එයා නතර උනේ ටේහ්‍යුන්ග්ගෙ පපුව උඩ.

"කොහෙද යන්න හදන්නෙ??" ටේහ්‍යුන්ග්ගෙ ගැඹුරු morning voice එකට ජන්ග්කුක්ගෙ ඇඟ වෙව්ලලා ගියා. ටේහ්‍යුන්ග්ගෙ ඇස් කෙලින්ම ජන්ග්කුක්ගෙ මූණ පුරා යද්දි ජන්ග්කුක්ගෙ කම්මුල් රෝසපාට වෙලා ගියා.

"බ..බී.." අමාරුවෙන් උනත් ජන්ග්කුක් ඒ වචන ටික එළියට දාගත්තා.

"හ්ම්ම්.. ඒක මිසක්. මං හිතුවා ඊයේ උනු දේ නිසා මගෙන් හැංගෙන්න හදනවා කියලා "
ටේහ්‍යුන්ග් කට කොනකින් හිනාවෙන ගමන් කියද්දි ජන්ග්කුක් තොල් උල් කරන් ටේහ්‍යුන්ග්ට රවලා එයාගෙ ඇඟ උඩින් නැගිට්ටා.

"ඔය විදිහටද බබීව බලන්න යන්නෙ?" ටේහ්‍යුන්ග් අහද්දි තමයි ජන්ග්කුක්ට මතක් උනේ එයා තාමත් ඉන්නෙ උපන් ඇඳුමෙන් කියලා. ආයෙමත් කම්මුල් රතුවෙලා යද්දි ජන්ග්කුක් ඉක්මනට ඩුවට් එක ඇදලා අරන් එයාගෙ ඇඟ වහගෙන ගියෙ දොර අරින්න. දොර අරින්න කලින් ජන්ග්කුක් නිකමට වගේ පිටිපස්ස හැරිලා බලද්දි තමයි එයා දැක්කෙ ටේහ්‍යුන්ග් නිරුවතින්ම ඇඳ උඩ නිදාගෙන එයා දිහා බලන් ඉන්න විදිහ.

"යාහ් මෝඩයො.. ඕක වහගන්නවා.. බබීට නූල් බඳින්න වෙයි." ජන්ග්කුක් තොලුත් උල් කරන් කෑගහද්දි ටේහ්‍යුන්ග් හයියෙන් හිනාවුණා.

"මට බෑ.. ඔයානෙ මං පොරවගෙන හිටපු එක අරන් ගියෙ." ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක් අඩි හප්ප හප්ප ඇවිත් බිම වැටිලා තිබ්බ ටේහ්‍යුන්ග්ගෙ කලිසම අරන් ටේහ්‍යුන්ග්ගෙ ඇඟට විසික් කරා.

ටේහ්‍යුන්ග් හිනාවෙවීම එක ඇඳගත්තෙ ජන්ග්කුක් දොර අරින අතරෙ.

"පපා..." දොර ඇරපු ගමන් පොඩි එකී ජන්ග්කුක්ගෙ කකුල් දෙක බදාගත්තා.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now