Chapter 36

4.9K 586 214
                                    

"එයා දුවෙක්ද පුතෙක්ද??" ටේහ්‍යුන්ග් වූශික්ගෙ කරට උඩින් බෙල්ලත් දික් කරගෙන screen එක දිහා බලන ගමන් අහද්දි වූශික් ලොකු හිනාවක් එක්ක එයා දිහාට හැරුණා.

"ඒයි මැට්ටො.. ඔතනින් අයින් වෙනවකො මටත් බලාගන්න." ජන්ග්කුක්ගෙ කෑගැහිල්ලට ගැස්සිලා ගියපු ටේහ්‍යුන්ග් ඉක්මනට දර්ශන පථයෙන් අයින් උනේ නැත්නම් ඊළඟ තත්පරේදි ජන්ග්කුක් අඬන්න ගනියි කියලා බයට. දැන් මාස හතරක් නිසා ජන්ග්කුක්ගෙ pregnancy හොමෝන එක්ක එයාගෙ මූඩ් චේන්ජ් වෙනවා වැඩියි. හිටිගමන් තරහ ගන්න එයා ඊළඟ තත්ත්පරේදි අඬන්න පටන් ගන්නවා. පළවෙනි පාර ටේහ්‍යුන්ග්ට මඟ ඇරුණු නිසා ටේහ්‍යුන්ග් ඒ අත්දැකීම ලබන්නෙ මේ පළවෙනි පාරට. පාන්දර නැඟිටලා ජන්ග්කුක්ට අයිස්ක්‍රීම් කවන්න.. රටේ ලෝකෙ නැති කෑම හොයලා ගෙනත් දෙන්න ටේහ්‍යුන්ග්ට සිද්ධ උනත් එයා ඒ හැමදේම කරේ ආසාවෙන්.

"ඩොක්ටර් ඒ.. ඒ..??" ජන්ග්කුක් ඇසුත් බෝල කරන් වූශික් දිහයි screen එක දිහයි මාරුවෙන් මාරුවට බලද්දි වූශික් ඔලුව වැනුවා. ජන්ග්කුක්ගෙ ඇස් වලට කඳුලු පිරෙද්දි ටේහ්‍යුන්ග් නම් බලන් හිටියෙ ලොකු කුතුහලයකින්.

"ජන්ග්කුක්ගෙ බඩේ ඉන්නෙ පිරිමි දරුවො දෙන්නෙක්.." වූශික් ටේහ්‍යුන්ග් දිහාට හැරිලා කියද්දි ටේහ්‍යුන්ග්ගෙ ඇස් පුදුමයෙන් ලොකුවුණා.

"දෙන්නෙක්??"

"හ්ම්ම්.. congratulations Mr. Kim, You are having twins." වූශික් ටේහ්‍යුන්ග්ගෙ පිටට තට්ටුවක් දාලා කියද්දි මොහොතක් ඒ විදිහටම බලාගෙන හිටපු ටේහ්‍යුන්ග් ඊළඟ මොහොතෙදි නැමිලා ජන්ග්කුක්ගෙ නළල ආදරයෙන් සිපගත්තා.

"තෑන්ක්ස් කූ.." ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක් කඳුලු අතරින්ම හිනාවුණා.

"ඔයානෙ එයාලව මට දුන්නෙ.. ඉතින් තෑන්ක්ස් කරන්නෙ ඇයි?"

"Ahem.. ජන්ග්කුක්ගෙ තත්ත්වය නම් ගොඩක් හොඳයි. බබාලත් හොඳින් ඉන්නවා. මං විටමින් ටිකක් ලියලා දෙන්නම්. ඒ ටික වෙලාවට බොන්න දෙන්න." වූශික් එහෙම කියලා කාමරෙන් පිට උනේ ටේහ්‍යුන්ග්ටයි ජන්ග්කුක්ටයි ටිකක් තනිවෙන්න ඉඩදීලා.

"නූනාට කියලා ඉන්න ඕනෙ ඔක්කොටම කලින්. නැත්නම් තව ටිකකින් කෝල් කරලා මාව මරන් කයි." ජන්ග්කුක් එහෙම කියලා එයාගෙ ෆෝන් එක අරන් ලීසාගෙ නම්බර් එක ඩයල් කරේ ටේහ්‍යුන්ග් හිමීට ජන්ග්කුක් ඔලුව අතගාද්දි.

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now