Epilogue

6.1K 671 478
                                    

10 yrs later,


"බුදාම්මෝ... මාව බේරගනියෝ!!" ගේ දෙදෙරලා යන්න නැගුණු කෑගැහිල්ලට කිචන් එකේ උය උයා හිටපු ජන්ග්කුක් හැන්දත් අරගෙන උඩට දුවගෙන ආවා. ජන්ග්කුක් කාමරේට එද්දි ගෙදර චණ්ඩියො දෙන්නා උනු ටේහ්‍යුන්ග්නුයි ටේගුකුයි දෙන්නා ඇඳට වෙලා බදාගෙන කෑගහනවා.

"යාහ් ඩැඩා... දැන්වත් ඔය කෑගැහිල්ල නවත්තගන්න. ඌ ඉවරයි.." ජන්ග්කුක්ගෙ ඇස් ඊළඟට ගියෙ එක අතකින් සෙරෙප්පුවක් උස්සගෙන ඉන්න සොල් ළඟට. ඊටපස්සෙ තමයි ජන්ග්කුක් දැක්කෙ බිම මැරිලා ඉන්න කැරපොත්තව.

"අනේ..  ඇයි ඒ අහිංසකයව මැරුවෙ??" ජන්ග්කුක්ගෙ තොල් වෙව්ලලා යද්දි ටේහ්‍යුන්ග් ජන්ග්කුක් මෙතන අඬා වැලපෙන්න කලින් ඉක්මනට පැනලා ඒ වෙව්ලන තොල් එයාගෙ තොල් වලින් අල්ලගත්තා.

"යාහ් ඩැඩා.. මං ඉන්නවා මෙතන." සොල් ඉක්මනට ඇස් දෙක වහගන්න ගමන් අනිත් පැත්ත හැරෙද්දි තමයි එයා දැක්කෙ පැණි හිනාවක් දාගෙන එයාගෙ මමායි ඩැඩායි කිස් කරන දිහා බලන් ඉන්න ටේගුක්ව.

"ඒයි මෝඩයා... ඊයා ඔහොම හිනාවෙන්න එපා. තමුන් එතකොට ඩැඩා වගේමයි පේන්නෙ."

"ඩැඩා... මටත් මමාව කිශ් කලන්න ඕනෙ.." කොල්ලා කෑගහද්දි පියවි සිහියට ආපු ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ පපුවට අත්දෙක තියලා එයාව තල්ලු කරලා අතේ තිබ්බ හැන්දෙන්ම ටේහ්‍යුන්ග්ගෙ පස්සට එකක් ගැහුවා.

"ආව්!!"

"මෝඩයා... ගුකී ඉන්නවා කියලා අමතක උනාද??"

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now