💌📝🖊️

2.7K 317 102
                                    

@M_D_Si Thank you so much නංගො මේකට😘💜️ මුළු කතාවම ලස්සනට වචන වලට හරවලා.😭❤️

ඉමක් කොනක් නොපෙනෙන - දඟකාර රැළි නැග බසින
සයුරක් විලසින් තිබුනු දිවිය - එලිය වුනි නුබේ ආදරයේ සුසුමන් අතුරින්
ඔසවා මුලු ලෝ තලයටත් ඉහළින් - චුම්බනය කරන්නම් ඔය සියුම් දෙතොල් පෙති
ආදරයේ නාමයෙන් -  හිඳින්නම් ඔය හදවත ළඟින් සැමදා රැකවරණයක් වී

කෙලෙසක කියන්නද එදා විඳි ලතැවුල් - නොදන්නවා උනත් නුබේ දුක
තැවුනා නුබ කුමක් කරනවා දැයි කියා - නිදි නැති රාත්‍රී දහසක් ගනන්
දැනුනාද ඒ ආදරය - සියුම් සිපගැනීම් අතරින් පෙන්වන්නට සැදූ
පතමි නුඹම - සෑම බවයකම මගේ ආදරය වේවායි කියා

කෙලිලොල් වදන් නිසා - රෝස පැහැ ගැන්වෙන ඔය කොපුල්
චුම්බනය කරන්නට සිතුනි සෑම මොහොතේම
අහිංසක හදවතකට පෙම්කල දඩබ්බර, හදවතක හිමිකාරයෙක්මි
මම... සෑමදා නුඹව පණමෙන් රකින

පුංචි පැටවුන් අතරේ - සුරතල් සිනහවෙන් මුව සරසා
පුංචි දෑස් ගැටුනා මා හා - මගේ හා පැටවුන් මගෙන් විමසීමට තරම්
ඔවුන්ගේ මව් වන නුබේ ආදරයේ නාමයෙන්
මගේ පැටවුන්ගේ සිත් පිය සෙනෙහසින් පුරවන්නම් සැමදා

පළමු වතාවට දෑස් - එකිනෙකාට ගැටුනු මොහොතේ
කුතුහලය නැගුනා හදට - ඔහු කවරෙකුද කියා දැනගැනීමට
අනාගතය පෙන්වන ඇදුරිඳු වීමට - හැකිවෙයි කියා නොසිතුවෙමි
ඔබගේ ආදරය සිත්තම් කරමින් - හැඟීම් එකිනෙකට පුබුදුවාලමින්
නමක් නොදුන් ඒ හැඟීමට - එදා මුලු හදවතින්ම ආල බැන්ඳෙමි

ඉල්ලුවා ඔය උනුහුමම හදවත - සයුරෙන් එතෙර දුරු රටක තනිවන විට
නොසිතුවෙමි ඔබ මෙතරම් දුක් කම් කටොලු - විඳීවි ඒ සිව් අවුරුද්දට
කෙලි පැටික්කියෙක් වී අපේ පළමු එක්වීම - දායාදයක් වුනා මෙතරම් දුරකට
ඇය සොලොස් වියද සපුරා ඇත - මෙතුවක් කාලයක් වන විට

ඕනෙ නෑ මට කුඩා දරුවෙකු හට - වගකීම් කර පටවා ලන්නට
නමුත් ඔබ ඇත්තටම දරුවෙකු නොව - සෙනෙහබර පියෙකු මා හට
ඉල්ලමි සදාකල් මා ලඟින්ම හිඳින ලෙස
මගේ දරු පැටවුන්ට ලේ කිරි කර එරෙන - පපු තුරටම තුරුළු වී හිඳින ලෙස

එපා ඔතරම් සෙනෙහෙ වඩන්නට - බියයි මා හට දිනෙක ඔබෙන් සමු ගන්නට වේවී කියා
නමුත් නුඹ මට විස්වාසයි මේ තුන් ලොවටම වඩා
ඒ නිසයි සැමදා ඔබ සමඟ - රැඳී හිඳින්නට පතන්නේ මෙලෙසින්
ඔය ගල් හදවතට ගුලි වී සෝ සුසුම් කෙඳිරිලි සමඟින් - ආසයි නොපෙන්නුවත් සෑම මොහොතම ගෙවන්න
ආදරෙයි ඔය දඩබ්බර ආදරවන්තයාට..මගේම සැමියාට..
පිය සෙනෙහස දනවන ඔය සුමුදු පපුතුරට ගුලි වී හිඳින්නට පතමි හැම බවයකම සදා...

Forbidden Love [ Taekook ] ✔️Where stories live. Discover now