අයියෝ මන්ද දැන් කියේ ඉදන්ද මෙතන කියල හිතන ගමන්ම මන් ෆෝන් එක අරගෙන අයියගෙ නම්බර් එකට dial කරේ මෙතනට අවිල්ල දැන් විනාඩි 15කටත් වැඩි හින්ද...
"මොකොද අප්පා කරන්නේ.. කොහෙද ඉන්නේ..."
මන් ටිකක් සැර දාල ඇහුවා..
"හරි හරි මන් මේ ඇවිල්ල ඉන්නේ..."ඒ එක්කම අයියා මන් ඉන්න තැනට ආවේ හොඳ ජැන්ඩි පහට ලස්සන full suit එකක් ඇඳලා..
"අම්මටසිරි.. කොහොමද දැන් කොල්ලගේ ලස්සන.. පුහ්... gym බෝඩියයි, full suit නුයි.. නළුවෙක් වගේ ආ..."
" අනේ පලයන් බන් යන්න.."
"ඉස්සර ඉතින් අපි එක්ක p&s යන්නෙත් නැතුව කොටුවේ පෙට්ටි කඩ වලින් වඩේ කමු කියපු අය..., දැන් ශ්රැන්ගිලා එකෙ නේ අපිට තේ අරන් දෙන්නත් එන්න කියන්නේ.."
මම හිනා වෙන ගමන් කියද්දි අයිය මවෙ ඉස්සරහින් වාඩි වෙලා කතා කරන්න ගත්තෙ හිනා වෙන ගමන්..
"හ්ම්ම්... මේවා පිටිපස්සේ ඉතින් ඉන්නේ කවුද කියල මන් උඹට හැමදාම කියල තියෙනවනේ මල්ලි.."
"මේ ඇත්තටම අයියේ... ඇයි අයියේ ඔයා මේ හැම දෙකටම හයියක් උනේ මම කියල කියන්නේ?... මට තේරෙන්නේ නැහැ. මොකද මමද university ගිහින් degree ගැහුවේ.., මමද ඉතුරු කරේ, මටද ආසාව තිබ්බේ.., business පටන් ගත්තේ.., කට්ට කෑවේ.., දුක් වින්දේ.. අනික මන් මොනවත් උදවුවත් කරලත් නැහැ නේ.. මට වඩා කොච්චර අය අයියට උදව් කරාද අයිය දැන් ඉන්න තැනට එන්න.."
"මන් දන්නවා මල්ලි.. ඒත් මට තිබ්බේ කවද හරි සල්ලිකාරයෙක් වෙනවා කියල ආසාව විතරයි. ඒකට මන් වැඩ කරේ නැත්තේ නැහැ. හැබැයි මන් කර විදියට කරා නං මට මෙච්චර ඉක්මනට මේ තැනට එන්න බැහැ මල්ලි..."
" ඔව් ඉතින්. එත් ඉතින් මන් නිකන් හැමදාම බැන්න විතරනේ.."
"නැහැ මල්ලි. උඹ බැන්න නෙමෙයි. මට කරන්න ඕනේ ඒවා කියල දුන්න. අරමුණක් නැතුව ඔහේ ඉද්දි මට මෙහෙම කරොත් හොඳයි, අරම කරොත් හොඳයි, මේ විදියට කරොත් හරියයි .. එහෙම කියල උබයි මාව මේ තැනට ඇදගෙන ආවෙ..."
"උඹට මතකද ගිය අවුරුද්දේ මට උන lost එක."
"ඔව් ඉතින්. මට මොකෝ මතක නැත්තේ.. ගොන් බූරු වැඩ හින්දනේ ඒකත් උනේ.."