CHAPTER 13

527 110 0
                                    

ජිමින්වත් ඇදගෙන එතනට ගිය සුගා ජිමින්ගේ ආරක්ෂාව ජින්ට භාරදීලා එයත් ගියේ සටන් බිමට . සුගාගේ පස්සෙන් යන්න හදන ජිමින්ව අමාරුවෙන් කන්ට්‍රෝල් කරගත්ත ජින් කොහොම හරි ආරක්ෂාකාරීව මාලිගාව ඇතුලට ජිමින්ව අරන් ආවා

" මට යන්න දෙන්න , රජතුමා තනියෙන් යවන්න බැහැ මට . මටත් යන්න ඕනේ "

අඩ අඩම සුගා පස්සෙන් යන්න ට්‍රයි කරන ජිමින්ව බලෙන්ම හෝසොක් ගාවට අරන් ගිය ජින් , එයාගෙන් ජිමින්ව සන්සුන් කරන්න පුළුවන් බෙහෙතක් ඉල්ලුවා .ඒත් ජිමින්ට දෙන්න තියෙන එකම බෙහෙත වුනා සුගා ආපහු එන එක

පැය දෙකක් විතර වෙද්දී ඔක්කොම සටන් නැවතුණේ කැරලිකරුවන්ට වැඩි හානි ගෙනත් දීලා, පැනලා යද්දී අල්ලගත්‍ත කැරලිකරුවෙක්ගේ කටින්ම ඒ අය නෝර්යාවේ සටන් පුරුදු වෙච්ච අය කියලා දැනගන්න සුගාට පුළුවන් වුනා

නම්ජූන් වගේම සුගාත් හිටියේ ලේ වලින් වැහිලා , ඒ විදිහටම මාලිගාව ඇතුලට යද්දී රාජකීය පවුලම ඒ අය එනකන් පෙරමග බලන් හිටියේ . සුගාව දැක්කගමන් එතනට දුවගෙන ගිය ජිමින් හයියෙන් අඩන ගමන්ම සුගාට තුරුල් වුණා.

" ෂ්ෂ්ෂ් , හඩන්නෙපා ජිමින් , මා හොදින් . මට කිසිම කරදරයක් වී නැහැ "

තමන් ගාවට තුරුල් වෙලා අඩන ජිමින්ගේ ඔලුව අතගාන ගමන් සුගා ට්‍රයි කලේ ජිමින්ව සන්සුන් කරන්න . එක විනාඩියකටවත් ජිමින් සුගා ගාවින් අයින් වුනේ නැත්තේ සුගා ආයෙමත් එයාව දාලා යයි කියලා හිතලා . ඒ නිසා ජිමින් එහෙම ඉද්දිම ඉස්සරහට කරන්න ඕන දේවල් සුගා , නම්ජූන් & ජන්ග් අමාත්‍ය එක්ක සාකච්ඡා කලා

" රජතුමනි , රාජ සභාව දෙකඩ වීයි තිබෙන්නේ , යූන් අමාත්‍ය හා තවත් අමාත්‍යවරු පිරිසක් ඔවුන්ගේ පවුල් වල අයද සමග කැරැල්ල ආරම්භ වීමට මොහොතකට පෙර අගනුවරින් පිට වී ගොස් නෝර්යා කදවුරු වල නවාතැන් ගෙන සිටිනවා "

ඔත්තුකරුවන්ගෙන් දැනගත්ත දේවල් නම්ජූන් කියද්දී මාලිගාවේ ආරක්ෂකයෙක් සුගාව හම්බු වෙන්න ආවේ වැදගත් පණිවිඩයකට , ඒ තමයි නෝර්යාවේ පණිවිඩකරුවෙක් ඇවිත් ඉන්න බව කියන්න . පණිවිඩකරුවෙක් කිව්වට ඒ මනුස්සයා අදුරු මායාකාරයෙක් , මායාකරුවන්ගේ ඝාතන අවධියේ බේරුණු එක්කෙනෙක් . එයාට පාර පෙන්නන්න ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙවෙයි , යූන් අමාත්‍යම තමයි

|  MIRRORS 👑❤️  | ✔️Where stories live. Discover now