..
..
..
මහ මුස්පේන්තු පෙනුමක් තිබ්බ පාරකින් කෙළවරක් නැතුව කාර් එක ඇදිලා යද්දි මං වීදුරුව පාත් කරලා තිබ්බ ජනේලේන් ඔලුව තියන් නැවතිල්ලක් නැතුව අපි පස්සෙන් එන තරු රටා දිහා බලන් හිටියා..වාහනේ යන වේගෙත් එක්ක ආපු හුළං පාරට මගෙ කොන්ඩෙ දෙපැත්තට විසි වෙලා සනීපයක් ගෙනාවත් හිතේ තිබ්බ කලකිරීම එක්ක මට ඒ සනීපේ විදගන්න පුළුවන් උනේ නෑ..මං කලකිරිලා..මං ගැන වගේම මං වටේ සිද්ද වෙන දේවල් ගැන මන් කියාගන්න බැරි තරම් කලකිරිලා..ඒත් මං දන්නෙ නෑ මට කලකිරෙන්නවත් අයිතියක් තියෙනවාද කියලා..මං හුස්ම ගන්න එක පවා තීරනය උනේ කාලසටහනකට අනුව වෙද්දි මං කල්පනා කරේ මට කලකිරෙන්න කියලා වෙලාවක් ඒක අස්සෙ වෙලාවක් වෙන් කරලා නෑ නේද කියලා..මට මං ගැනම සමච්චල් සහගත හිනාවක් යද්දි මං කාර් එක වංගුවකින් හැරෙනකොට දැකපු කදු පන්තිය දිහා බැල්මක් හෙලුවා..
ආයෙත් අලුත් තැනක්..මට මේක ඇති වෙලා..ඇයි මට නිදහසේ ඉන්න දෙන්නෙ නැත්තේ..මං කරපු වැරැද්ද මොකක්ද දෙයියනේ..මං මේ විදින්නෙ මොන ආත්මෙක කරපු පවක්ද..ඉන්න කියලා එක තැනක් නෑ..නිදහසේ අඩියක්වත් තියන්න බෑ..හැම තැනම බොඩි ගාඩ්ස්ලා..මෙනු එකක් බලන් හැදෙන කැලරියි,අරකයි මේකයි අඩු කෑම..හුස්මක්වත් ගන්න බැරි තරමට දවස ගානේ මීටින්ස්..ටුවර්ස්..මං දැන් හොදටම හෙම්බත් වෙලා..මං මනුස්සයෙක් ද කියලාවත් මට හිතා ගන්න බෑ..මොකද මේ වෙද්දි මට මගෙ වයසවත් මතක නෑ..අනේ මන්දා මං හිතන්නෙ මට දොලහකට වැඩියි..නෑ..නෑ..මට දාසයට වඩා වැඩියි ..ඒත් මට විස්සටත් වැඩිද..අනේ මන්දා..මට මතක නෑ..මං හිතන්න්ර් මට දහ අටක් වෙන්න ඕන..ම්ම් වෙන්න ඇති..හහ්..මං මගෙ වයස මතක තියාගත්තා කියලා මොනා කරන්නද..මගෙ උපන් දිනේට සුබ පතන්න කෙනෙක්වත් මට ඉන්නවද..
මෙච්චර වෙලා වංගු කපපු වාහනේ ගැස්මක් එක්ක පල්ලමක් නග්ගද්දි ජනේලෙට ඔලුව තියන් හිටිය මගෙ බෙල්ල රූට්ටලා ගිහින් කෙලවරක වැදුනා..හහ්..වාහනයක යද්දි ජනේලෙන් ඔලුව තියන් යන්න හොද නෑ කියලා මට කියල දෙන්න මමා කෙනෙක්වත් නෑනේ..ඉතින් මට රිදෙනවා..වැදුනු තැන නෙවේ..වාසියක් බලාපොරොත්තු නොවී මං ගැන හොයලා බලන්න කෙනෙක් නෑ කියලා මතක් වෙන වාරයක් පාසා මගෙ හදවත රිදෙනවා ..අනේහ් මට පාළුයි..මට තවත් මෙහෙම මහන්සි වෙන්න බෑ..මට ඕන කාගෙ හරි ලගට ගිහින් මගෙ දුක වේදනාව කියලා තුරුල් වෙලා ඉන්න..ආදරේ කියන්නෙ මොකක්ද කියලා දැන ගන්න..මට ඇති වෙලා මේ විදිහට ජීවත් වෙලා..කිසිම කෙනෙක් නැද්ද මං වෙනුවෙන් එක විනාඩියක් හරි වෙන් කරන්න පුළුවන් ..

YOU ARE READING
_⚠️️The Room Of Death⚠️️_ ( Yz Completed ff)
Horror..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම මාත් මේ කාමරේ ඇතුලෙදිම මැරෙනවා.. ..මගෙ ජීවිත කාලේ හරියටම දවස් දහ අටයි..