🐱 1 🐱

365 49 33
                                    

ඒ එක්තරා වසන්ත කාලෙක කොරියාවෙ ග්‍රාමිය ප්‍රදේශයක තිබුන ලස්ස්න පොඩි ගමක්.........
ඉස්කෝලේ යුනිෆෝම් එකෙන් හැඩවෙලා හිටිය පිරිමි ළමයි දෙන්නෙක්ගෙ හිනා හඩ හයියෙන් දෝංකාර දුන්නා......
එතනින් කෙනෙක් වටේට කැරකි කැරකි බිම තිබුණ රෝසපාට මල් ජාතියක් එකිනෙක ඇහින්ද.........අනිත් කෙනා හිනාවෙවි එයාගේ යාළුවා දෙන රෝස පාට මල් එකතු කරගත්තා .........

දන්නෙම නැතුව එයාලා පාරේ කෙලවරටම ඇවිල්ලා තිබුණා........

" චිමි එහෙනම් මම යනවා පරක්කුවෙන් නැතිව ගෙදර යන්න......."

"හරි ඔයත් පරිස්සමින් ටෙටේ............... "

ටෙටේ එහෙම නැත්නම් ටේහ්‍යුන් කියලා කියන්නෙ හැමෝම එකක් ගොඩාක් සතුටින් විනෝදකාමී ව ජීවත් වෙන කෙනෙක්........
එයාට එයාගේ කියලා ඉන්නේ එයාගේ අප්පා විතරයි.......එයාගෙ ඔම්ම ටේ පොඩි කාලෙම නැති වුණාට පස්සේ එයාගේ අප්ප වෙන කසාදයක් කරගෙන ........
කොයිතරම් හිනා වෙලා අනිත් අයත් හිනා ගස්සවලා හිටියත් එයත් මහා ලොකු වයසක කෙනෙක් නෙමෙයි .......ඒ චූටි ඔළුව ඇතුලෙ දරාගන්න බැරි ප්‍රශ්න ගොඩක් තිබුණා.......
ඉතින් ඒක කොයිතරම් ද කියනවා නම් එයා ප්‍රාර්ථනා කරා ඉක්මනට මේ ලෝකෙ විනාශ වෙලා ගියා නම් කියලා..........ඒත් ඒ මොහොතේ ඒ හැමදෙයක්ම අමතක කරලා ටේ හිනාවෙලා එයාගෙ උසස් පාසලේ හොඳම යාළුවා චිමි ට අත වැනුවා.......ඒ වෙලාවේ එයාලා දෙන්නම ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන ගමන් හිටියේ...........හැබැයි
හතරමං හන්දියකින් හැරෙනකොට එයාලා දෙන්නා යන ගෙවල් දෙපැත්තකට බෙදෙනවා.........චිමි ගිය නිසා ටේට ඉතුරු දුර තනියම තමයි යන්න සිද්ධ වුණේ................

මල් ටික අතේ තියාගෙන හිනා වෙවී ඉස්සරහට ගිය ටේගෙ හිනාව පොඩ්ඩ වෙලාවකින් අතුරුදහන් වෙලා එයාගේ ඇහේ චූටි කඳුළු බිංදුවක් ඉතුරු උනා.......මොකද කලින් අමතක කරපු දේවල් එයාට ආයෙත් ඒ විදිහටම මතක් උනා..........

එයා දැක්කා ගලාගෙන යන චූටි දොල පාරක් අතේ හිටිය චූටි බබෙකුට පෙන්නන එයාගෙ ඔම්මයි අප්පයි .........එයාලා චූටි ලස්සන පවුලක්...ඔම්මගේ අතේ හිටිය චූටි බබා අඬන්න ගන්නකොට ටේ ඉක්මනින්ම එයාගෙ අතේ තිබුන එක රෝස පාට මලක් චූටි බබාගේ අතට දුන්නහම එයා අඩන එක නවත්තල හිනා උනා ...ඒක දැක්කහම ටේට ටිකක් දුක හිතුනත් එයා යම් තරමක් සතුටු වුණා එයා චූටි බබාගෙ ඇඩිල්ල නවත්තපු නිසා............
ඒත් එයා වැඩි වෙලාවක් එතන රැඳෙන්නෙ නැතුව එයාල එක්ක ලස්සනට හිනාවෙල ඉක්මනින්ම එන්න පිටත් උනා එයාට දැනුන දුක අමාරුවෙන්  හංගගෙන ...........
එයාට ඕන වුණේ නෑ තමන්ගෙ කදුලු පෙන්නල කාවවත් දුකට පත් කරන්න..............

A Wishker Away (TK Version )Where stories live. Discover now