කට්ටියම මේසෙට වාඩිවෙලා කන්න පටන් ගත්තා දැන් මම් කොහොමද යෙනූට කන්න දෙන්නේ. මම යෙනූ දිහා බලද්දී එයා මට එයාටත් එක්ක බෙදාගන්න කියලා ඉගි කලා.
" තව දාගන්නවා මනුස්සයෝ අපි දෙන්නාටම ඇතිද සාමාන්‍ය දැනීම බිංදුවයි. "
මේකී යකෝ මට බනිනවා නේද දෙන්න හිතයි කෑම පිගාන මූනේ හිටින්න. මම තවත් බෙදාගත්තා. දැන් නම් මේක කොතක් වගේ.
" එක නෙවේ හියෝන්ග් ඔයා ඔය ඔක්කොම ගත්තේ කන්නද "
ඒ ජන්කුක් මූට අම්මපා ඔනේ නැති මගුලක් නෑ නේ.
" නෑ බල බල ඉන්න ගත්තේ. කන්න නෙවෙයි. "
මම ජන්කුක්ටත් රවලා ප්ලේට් එකත් අරන් මේසෙන් නැගිට්ටේ රූම් එකට යන්න යෙනූ නම් මට කලින් ගිහින් මගේ එහා පැත්තේ හිටපු එකී එකපාර අතුරුදන් වෙලානේ.
" උබ ඔය කොහෙද යන්නේ ඔකත් උස්සන්. "
සූගා හියෝන්ග් අහද්දී මම ගොං හිනාවක් දැම්මා දැන් මොකක්ද කියන්නේ.
" මේකනේ හියෝන්ග් මගේ පොඩ්ඩක් ඔලුව රිදෙනවා ඒ නිසා මම රූම් එකට ගිහින් කන්නම් හා ද "
මම මගේ රංගන කුසලතාවලින් ප්‍රයෝජන ගත්තා. අපේ කට්ටියත් ඉතින් එකට අහු උනා නේ.
" හරි හරි යනවා ඉතින් "
යුන්ගි හියෝන්ග් හා කිව්ව ඉක්මනින් මම ගියේ කාමරේට . මමයි යෙනු එක්ක ඉක්මනට කන්න පටන් ගත්තේ මට hyde එකට යන්න පරක්කු වෙලා නිසා. ඇත්තම කියන්නම් ප්ලේට් එකේ බාගෙකට වඩා හිස් කලේ යෙනු තමා. 🥲 කියන්න සතුටුයි මටත් මොන යකා වැහිලද කියලා මම කන එක පැත්තකින් තියලා කෙල්ල දිහා බලන් හිටිය එක කලේ. කටත් උල් කර කර කන විදිය දැක්කම මට එයාව කන්න හිතුනා . 🙂💔
යාආආආආආඅ කිම් ටේහියොන් මොනාද මේ හිතන විකාර හයියෝ . මම අහලා තීනවා හොල්මන් වලට හිත් කියවන්න පුළුවන් කියලා එතකොට යෙනූටත් පුළුවන් ද දන්නේ නෑ. මම මේ හිතන එවා එයා කියෙව්වොත් වස නෝන්ඩිය තමා හයියෝ .
" මේ එක නෙවේ යෙනූ ඔයාට හිත් කියවන්න පුළුවන් ද ? 🙂 "
මම ඇහුවම කෙල්ල උඩ බිම බලන්න ගත්තා.
YOU ARE READING
Ghost princess | KTH | [ Completed ]
Fanfictionඇත්තටම ඔයා කවුද .........?? [ Completed ]