💖...0️⃣1️⃣...💙(PART 01)

2.8K 171 29
                                    

..

..

..

"" කිසිම තේරුමක් නැතුව තවත් දවසක් ඉවර උනා කියන්න හැමතැනම අන්දකාර වෙලා තැනින් තැනින් තැන කහපාට එලි පත්තුවෙන්න ගද්දි ඒ හා සමානව එක වලාකුලක්වත් නොවුණු අහසේ තරු එකපෙලට පායලා තිබුනා..අහස අල්ලන්න වගේ එක එක්කෙනාගේ හීන වෙනුවෙන් තරුත් එක්ක පෑහෙන්න උසම උස ගොඩනැගිලි එකගොඩේ ගොඩ ගහලා තියෙනවා වගේ පෙනෙද්දි ඒ කිසිම දේකින් හොයාගන්න බැරි සැනසීමක් හොයන්න මං පිනි බැදුනු ජනේලෙ අස්සෙන් පෙනුණු මහ මුහුද දිහා බැලුවා..මුහුදු රැල එනවා..ආව පමාවෙන්ම ආපහු යනවා..හරියට කිසිම බැඳීමක් ස්ථීර නෑ කියලා කියන්න වගේ..වෙරළේ රැදෙන්න ඕනකම තිබ්බත් මුහුදු රැල්ලට කවදාවත් බෑ එයා වෙනුවෙන් නතර වෙන්න..නතර කරගන්න ඕනකම තිබ්බත් වෙරළට බෑ ගිලිහිලා යන රැල්ල නවත්තගෙන යන්න එපා මට පාළුයි කියලවත් කියන්න..ජීවිතේ හරි පුදුමයි..එකට එකතු කරන්නේ කවදාවත් එකට ඉන්න බැරි අයවමයි..එතකොට වෙන් කරන්නේ මැරෙනකම් දාලා යන්නේ නෑ කියලා ළඟින් ඉන්න අයවමයි..බැඳීම් කියන්නෙර් වේදනාවක්..හිත කකියන අහිමිවීමක ආරම්භයක් කියලා දැන දැනම මිනිස්සු ලන් කර ගන්න වේදනාවක්...අතාරින්න බලාගෙන බැදීම් ඇති කරගන්න බෑ වගේම ජීවිත කාලේම විදින්න පතාගෙන බැඳීම් ලන් කරගන්නත් බෑ...හහ්..අතාරින්න ලෑස්ති වෙන්න කියලා දෛවය අපට ගොඩක් දේවල් දුන්නට හැමවෙලාවකම අපි අසරන වෙන්නෙත් ඒ දේවල් අතෑරගන්න බැරුවයි..ඇයි මෙහෙම..වේදනාවක් විදින්න වෙනවා නම් මොකටද මේ බැඳීම්..අහිමි වීමක් වෙනවා නම් ඇයි මේ හිමිවීම්..මට තේරෙන්නෙ නෑ..දවසක නැති වෙනවා කියලා දැන දැනම අපි ඒ බැඳීම් රැකගන්න මහන්සි වෙනවා..සදාකාලික වෙන්වීම ගැන දැන දැනම තාවකාලික හිමිවීමට මහන්සි වෙනවා..වැරැද්දක් කියන්න බෑ..ඕක මනුස්ස ස්වාබාවය...හැම මනුස්සයෙක් ම එහෙමයි..දවසක නැති වෙන බැදීම් රැකගන්න අවුරුදු ගනන් දුක් විදිනවා..හරියට මම වගේ..


ජනේලෙන් ඈත් උනු මං ලොකු හුස්මක් අතෑරලා අතේ තිබ්බ පරන උනු රෙදි කෑල්ලෙන් බිම පිහින්න ගත්තා..මගෙ උරහිස රිදුම් දෙනවා..උදේ ඉදන් කෑම කඩේ වැඩකරලා මෙතනත් හුස්මක්වත් ගන්නෙ නැතුව අස් කරලා ඉවසන් ඉන්න බැරි තරම් මගෙ ඇග රිදුම් දෙනවා..ඒත් එහෙමයි කියලා මට පුළුවන් ද නවත්තන්න..මේක මගෙ දෛවය නම් මට පුළුවන් ද පැනලා යන්න..අපතෙ යන හැම තප්පරයක් ගානෙම මගෙ අතට හම්බෙන සොච්චම් පඩියෙන් වොන් එක ගානේ කැපිලා යද්දි මං කැඩිලා වැටෙන්න තරම් රිදුම් දුන්නු උරහිස අනිත් අතින් අල්ලන් පුළුවන් තරම් ඉක්මනටම බිම මැද්දා..මං පරක්කු වෙනවා කියන්නේ මගෙ පඩිය කැපෙනවා..පඩියෙන් කැපුනොත් මදිවෙන සල්ලි ටික හොයාගන්න මට තවත් මෙතන ඉන්න වෙනවා..මං පරක්කු වෙනව කියන්නේ එයා කන්නෙවත් නැතුව මං එනකම් බලන් ඉන්නවා කියන එක..මට බෑ එයා තවත් මං වෙනුවෙන් දුක් විදිනවා බලන්න..අපේ බැදීමත් දවසක මුහුදු රැල වගෙ මට අල්ලගන්න ඕන උනත් නවත්තගන්න බැරිව අහිමි වෙලා යාවී..හිමිවීමක වේදනාව ඉතුරුකරලා අහිමිවීමක මතක එක්ක එයා මාව දවසක දාලම යන්න යාවි..ඒක තමා ඇත්ත..පිලිගන්න අකමැති උනත් ඒක තමා ඇත්ත..ඒත් එයාට මන් ළඟ ඉන්න පුළුවන් තාක්කල් මං එයාව බලාගන්නවා..පසුතැවීමක් ඉතුරු නොවෙන්න මං මගෙන් වෙන්න ඕන හැමදේම එයා වෙනුවෙන් කරනවා..මගෙ ජීවිතේ මගෙ හුස්ම මේ හැමදේම එයා..ඒ වගේම දවසක මාව හිනස්සලා අඩවනවා නම් ඒත් එයා විතරයි..එයා හුස්ම ගන්නෙ මාව විස්වාස කරලා නම් ඒ හුස්ම රැකගන්න මට මගෙ හුස්ම උනත් දෙපාරක් නොහිතා දෙන්න පුළුවන් තරමට මං එයාට ආදරෙයි ..කියා ගන්න බැරි තරම්..






🌟YOU ARE  A  DREAM 🌟Where stories live. Discover now