Chapter 45

746 160 56
                                    


  ගුකීව උකුලට ගත් ජන්ග්කුක් ජින් එක්කම ගෙදර ගේට්ටුව ගාව බලන් හිටියේ එයා කතා කරපු ටැක්සි එක එනකම්. ජන්ග්කුක්ගෙ බයික් එකේ මේ ගමන යන්න පුලුවන්කම තිබ්බත් චූටි ගුකී ගැන ඕනෑවටත් වඩා හිතන ජන්ග්කුක් ගමන ටැක්සි එකක යන්න තීරණය කරා . ප්‍රධාන මාර්ගයක් නොවුණත් ගෙදරට මීටර් සීයක් පමණ ඈතින් පේන පාර උදෑසන රාජකාරි වලට යන සේවකයන්ගේ වාහන වලින් පිරී තිබුණා . කාර්යබහුල මාර්ගය දෙස බලාසිටි ඔවුන්ගේ අවධානය හෝන් කරමින් එන ටැක්සි රථය වෙත ගමන් කරද්දිම ටැක්සිය ගේට්ටුව අසල විත් නතර කරා.

" පරිස්සමින් කුකී... මොනාහරි හදිස්සියක් වුනොත් මට කතා කරන්න . ගුකී ... දග වැඩ කරන්නෑ.. "

" ගුකී පොමිත්.. "

ජින්ට අත වනා ඔවුන්ගෙන් සමුගත් ගුකී ජන්ග්කුක් දෙන්නා මේ කාර්යබහුල අතුරු මාර්ගය පහු කරමින් ආයෙත් වැටුනේ හුරුපුරුදු ඒ නිස්කලංක පුස්තකාල පාරටයි. මේ දවස් ගාණටම ජන්ග්කුක් යුනී ගියේ නැති නිසා එයාට මේ මාවත ගොඩාක් මග ඇරුණා. සම්පූර්ණයෙන්ම ඉර පායා තිබුනත් වටපිටාවේ තියෙන ගස් කොළන් පාරට හෙවණ ගෙනාවේ මේ නිස්කලංක පරිසරයට තවත් නිවුණු බවක් එක් කරමින්.

" ඔම්මා... මේ..මේ..අලවා පිටිපස්සට නනවා... "

ජන්ග්කුක්ට පුස්තකාල පාර කියන්නේ මේකේ ගමන් බිමන් යන අනික් මිනිස්සුන්ට වගේ එක්තරා නිස්කලංක පාරක් විතරක්ම නෙමෙයි . මේ පාර ජන්ග්කුක් - ටේහියුන් කතාවට හරි ලස්සන මතක ගෙනාපු තැනක්. පාරේ අයිනක ටේහියුන් හොරාගත් එයාගෙ පලමු හාදුව , ටේහියුන් වෙනුවෙන් මග බලා හිටපු ඒ අමතක නොවන පාර්ක් එක , නිවුණු කෝපි කෝප්ප දෙක වගේ ගොඩාක් මතක කදුළු පුරවන් මතක් කරමින් සිටි ජන්ග්කුක් ගැස්සිලා බැලුවේ ශටර් එකෙන් ඔලුව දාන් පුදුමයෙන් වගේ ආපස්සට යන ගස් දිහා බලාගෙන කෑ ගහන එයාගෙ ගුකී දිහා .

" ගුකී අත ඇතුලට ගන්න.. ඒවා යන්නෑ බබූ.. අපි යනවා එයාලා ඉන්නවා.... අනේ මගේ සූටි මැණික.... "

එයාගෙ චූටි අතක් එළියට දාගෙන එයාලට පහුවෙන ගස් දිහා බලාගෙන කෑ ගහන ගුකීගේ අත ඇතුලට ගත්තු ජන්ග්කුක් ගුකීගේ කම්මුල් දෙකටම හාදු තියන ගමන් ගුකීව හුරතල් කරන්න ගත්තා .

"STAY with ME"|| taekook ( ✔️ )Where stories live. Discover now