හරි අද දවසට අන්තිම කොටස ,මේ තමා අපේ උසස් පාසලේ උද්යානට , හරිම ලස්සන උද්යාන තිබුනත් අපේ උසස් පාසලේ උද්යනය සම කරන්න ඒ එකකටවත් බෑ , ඒකට හේතුව මේ උද්යාන වෙනුවෙ ගොඩක් දෙනා මහන්සි වෙලා තියෙනවා . හැබැයි තව දෙයක් ! මේ උද්යානයේ සැගවුනු භයානක සිදුවීමකුත් වෙලා තියෙනවා, කොටිම්ම කිවුවොත් ඒ සිදුවීම නිසා ශිෂ්යාවෝ ගොඩකට තමන්ගේ ජීවිතෙත් නැති වුනා. තමන්ගේ ජිවිතේට ආදරෙයි නම් තනියම මේ පැත්ත පලාතක එන්න හිතන්න වත් එපා......... හරි ඔය ටික හොදටම ඇති. දැන් ඔය සටහන් කරගත්ත කරුනු හොදට පාඩම් කරගෙන ඇවිත් හෙට උදේම උද්යානයේ ගේට්ටුව ඉස්සරහ දහ වතාවක් කියන්න ඔනේ හැමෝටම ඇහෙන්න කෑ ගහලා.පරණ සිසුන්ටත් මතක් වෙයි එතකොට මොනාද මේ උසස් පාසලේ තියෙන්නෙ කියලා... තේරුනාද.......... ඔලුව වැනුවට බෑ තේරුනාද..? ආයෙත් ඔලුව වනනවා හයියෝ හා කමක් නැ දැන් යන්න පන්ති වලට
නවක සිසුන් හැම දෙනාම බොහොම ඉක්මනින් උද්යානයෙන් පිටව ගියා
අයියෝ මටම හිතෙනවා වෙලාවකට මුන් පව් කියලත්. කමක් නෑ ඉතින්...අහ්හ් අර ඉන්නෙ යුන්ගියා නේද
යුන්ගියාආආආ යුන්ගියාආආආආ පොඩ්ඩක් නවතින්න මන් එනකන්
යුන්ගි නෑහුනා වාගේ පුරුදු ගමනින්ම ඇවිදන් ගියා...
ආඅහ් අල්ලගත්තා .. දැන් දුවන්න බෑ
හොබී....... මාව අතාරින්න
ආහ් ඔයාට මගෙ නමත් මතකද යුන්ගියෝ අනේ මන් හිතන් හිටියේ මතක නැතුව ඇති කියලා
හැමදාම දේශන වලට සම්බන්ධ නොවුනත් අලුතෙන් පාසලට නවක සිසුන් බදව ගන්න දවසට කොහොමහරි ඇවිත් අලුත් ළමයිට වද දෙන හොබීව අමතක වෙන කෙනෙක් ඉන්නවද??
ඒකත් ඇත්ත නේ .. ඒඒඒඒඒයි මන් එදාට විතරක් නෙවේ අනිත් දවස් වලත් දේශන වලට එනවා... උසස් පාසලට ඇවිත් ගෙවුන අවුරුදු තුනටම මන් නොආවේ මාස පහක් විතරයි හුම් එනවා මෙතන
යුන්ගී හොබී උද්යානයේ අඩි පාර දිගෙ ඇවිතගෙන ජන්කුක් සිටි උසස් පාසල් ගොඩනැගිලි වලට මදක් දුරින් ඇති විශාල චෙරි ගහා ලගටම ගියා
ජුන්කුක් වෙනදා මෙන්ම අදත් විශාල චෙරි ගහ සිතුවමට නගමින් සිටියේ හොබීගේ සුපුරුදු ඇමතුමත් බලාපොරොත්තුවෙනි
YOU ARE READING
SECRET AUTHOR ( One shot )
Romanceපුස්තකාලය වෙත මා දිවගියේ ඒ අපූරු ප්රෙහෙලිකාව විසදගත් සතුටත් එක්ක මුසු වු බයත් කෘතුහලයත් සමගයි....මට අවශ්ය වුයේ ඈ දැකීමට මිස ඈට බාදා කරන්නට නොවුනත් මා එහි ගිය සැනින් ඈ තිගැස්සී මා දෙස බැලුවේ කිසි දෙනෙක නොදුටු අයෙක් දුටු විලසයි... පළමු මොහොතේම ඈ කෙරේ...