චාන්ගේ දෑස්වලින් විමතියෙන් විසල් වූ පෙනුමක් දිස්විය... භාගෙට විවරව තිබූ මුවේ රෝස පැහැ දෙතොල් වල රසවිඳින්න යැයි කුමරුන්ගේ සිත දහස් වරක් බල කලත් චාන් ඔහුව පිලිගැනීමට අකමැති වේයැයි සිතූ කුමරු සිත වෙනතකට යොමු කලේය ...
තම හැගීම් පාලනය කරගනිමින් කුමරු ඔහුගේ අතේ ගුලිව තිබූ අශ්වයාගේ නාස් ලණුව තදින් ඇද්දේය.. එක්වරම ලැබුණු පීඩනයෙන් කලබල වූ අශ්වයා ඉහලට එසවී තම වේගය වැඩි කරගත් අතර එම වේගයට දෑස් අයාගෙන කුමරුන් දෙස බලා සිටි චාන්ගේ දෙතොල් කුමරුගේ කම්මුලක් ස්පර්ශ කිරීමට සමත් විය....
එම සිදුවීමෙන් උන්හිටි තැන් අමතක වූ කුමරු අතතිබූ නාස් ලණුව ගිලිහි ගිය අතර අධික වේගය නිසා දෙදෙනාම අසු පිටින් බිමට වැටුණි...
" ආව්.......... "
අශ්වයා කලබල වී ඈතට දිව ගිය අතර කුමරු මෙන්ම චාන්ද වැටුණු වේගයටම බිම දිගේ කන්දෙන් පහළට රෝල් විය.... චාන්ට ප්රථමව පහළට ලිස්සී ගිය කුමරුන් වාසනාවකට මෙන් පෙරළී ගොස් ගස් දෙකක් අතර සිරවිය... ඔහුට තත්පර කිහිපයක් පසුපසින් ලිස්සී ආ චාන්ව කුමරුන් දෑතින්ම අල්ලාගත්තේ කන්දෙන් පහළට වැටෙන්නට මොහොතක් තිබියදීය...
" කුමරුනි ... අනේ මාව බේරගන්න ...... "
" චාන් කලබල කරන්න එපා... නොසෙල්වී සිටින්න.. "
" මැරෙන්න යන මොහොතක නොසෙල්වී සිටිය හැකිද කුමරුනි .... අනේ කවුරුන් හෝ පැමිණ මාව බේරගන්න .... කවුරුත් නැද්ද ? බේරාගන්න මාව "
" දගලන්න එපා චාන්.... මා ඔබව තදින් අල්ලාගෙන සිටින්නේ.... මා ඔබව ඉහලට ඔසවා ගන්නකම් නොසෙල්වී සිටින්න.... කරුණාකර ඔබේ කෑගැසීම් නවත්තන්න .. එය මගේ අවධානය වෙනස් කරවනවා.... "
BẠN ĐANG ĐỌC
The Curse Of Fire God
Tiểu thuyết Lịch sửගින්දරින් සැගව ගිය සොදුරු හදවතක් ආදර දිය පොදක සිහිලසින් නිවා සනහාලූ ආදර අන්දරය...