AGAIN LOVE
•~•
වේදනාවක් නැතුව ආදරේ හැගීම ලබන්න ඕනේනම් ආදරේ කරන්න, ඒ තමන්ටත් ආදරේ කරන කෙනෙක්ට...🤍
___________________________________________
-" ළමයි 162 පිටුව පෙරලගන්න මම ඊයේ දීපු පැවරුම කරාද ඒකත් පෙරලගන්න නිදහසට කරුණු කියාගෙන එන්න එපා..."
මැඩම් කියපු පිටුවත් පෙරලගෙන මන් බැලුවේ ජනෙලෙන් එළිය ඈත පේන සෝල් නගරය දිහා ලස්සනයි ගොඩාක්...මම හැමදාම කරන්නේ මේක මෙහෙම ජනේලෙන් එළිය බලාගෙන ඉන්නෙ එක හැමදාම කිව්වට දැන් සති දෙකක ඉදලා...මම මන් ගැනම කල්පනා කරනවා...මම නිකිනි ඒ නම මෙහෙ අයට කියන්න අමාරු හින්දා ගොඩක් අය මට කිව්වේ නිකී කියලා...ඉතිම් මන් හැමෝටම නිකී වුනා...
මගේ ඔම්මා ලංකාවේ කෙනෙක් එතකොට අප්පා කොරියන්...ඔම්මා ඉගෙන ගන්න මෙහෙට ආපු කාලේ තමා අප්පව හම්බෙලා තියන්නේ කෝමහරි එයාලා මැරි කරලා...ඊට පස්සේ තමා එයලාට මාව හම්බෙලා තියන්නේ ඉතින් මන් ටිකක් කොරියන් වගේ ටිකක් ලංකාවේ කෙනෙක් වගේ...සමහර අය මට කිව්වා මට තියන්නේ අමුතු ලස්සනක් කියලා..සමහර පන්තියේ ළමයි කිව්වා අපෝ එයාගේ හමේ පාට කියලා මට දුක හිතුනා ගොඩාක්...මම හිතුවේ නෑ එයලා ඒම කියයි කියලා හැබැයි ටික කාලයක් යද්දි මට තේරුනා එයාලා ඒම කිව්වේ මාත් එක්ක තියන ඉරිසියාවට කියලා ගොඩක් අය කිව්වා මට තියන Golden skin colour එක ලස්සනයි කියලා...මන් පාරේ යද්දි පාවා සමහර අය මගේ දිහා හැරි හැරි බැලුවා මට හොදට ඇහිලා තියනවා එයලා මට ලස්සනයි කියලත් කියනවා...ඒ වෙලාවට මට ආඩම්බර නොහිතුනාමයි කිව්වොත් බොරු කාටද ආඩම්බර නොහිතෙන්නේ..ඒත් මන් ඒක කාටවත් පෙන්නන්න ගියේ නෑ කොටින්ම කිව්වොත් මට දැන් ඔවා වැඩක් නෑ මට ඔනීම දේ මට නැති උනා දැන් සති දෙකකට කලින්...එයලා මාව දලා ගියා එයලා එයලාගේ චූටි දුවව සදහටම තනි කරලා ගියා...College එකේ කොන් වෙලා හිටපු මම තවත් famous උනේ අලුත් නමකුත් එකතු වෙලා,
YOU ARE READING
Again_Love [Oneshot]
Fanfictionආදරය ලස්සනයි ආදරයට වටිනාකමක් දෙනකම්...❤️ Jungkook FF ♡︎ Completed : 07/09/2022 ©️ Jeon_bj *Do not copy*