I'm sorry don't leave me- part 04

308 31 40
                                    

🐷මැණික ප්ලීස් නැගිටින්න... හ්‍යුන්ග්ට මෙච්චර ලොකු දඬුවමක් දෙන්න එපා ජුනී... ප්ලීස්... මට හැමදේම මතකයි...
ප්ලීස් ඇස් අරින්න ජුනී... ඔයාගේ හ්‍යුන්ග්ට ඔයාව ඕන මැණික... ප්ලීස්..

🐨ජ්...ජි..නී...

🐷ප්ලීස් නැගිටින්න මැණික.. මට මෙහෙම දඬුවමක් දෙන්න එපා නමූ.... ප්ලීස් රත්තරන්

🐨ජ්..ජි..නී...

නම්ජුන්ගේ අතකුත් අල්ලන් බෙඩ් එකට ඔලුව තියාගෙන අඬ අඬ හිටපු ජින් ඔලුව ඉස්සුවේ කෙඳිරියක් ඇහුණ නිසා...

🐷නමූ...  මගේ මැණික ඔයා හොඳින් දෙයියනේ ආයෙත් මාව මෙහෙම බය කරන්න එපා රත්තරනේ.. මං මැරිලා යයි ..

🐨ජිනී.. මට නැගිටින්න ඕන...

🐷අහ් පොඩ්ඩක් ඉන්න මැණික ඔහොම
ජින් එහෙම කියලා කාමරෙන් එලියට ඔලුව දාලා පහළ හිටපු සූබින්ට කෑගැහුවේ අනික් අයත් බය වෙද්දී. 

🐷සූබිනාආආආ

💜️අහ්

ජින්ගේ සද්දෙට හැමෝම උඩට ගියේ බය වුණ නිසා

💜️ජින් හ්‍යුන්ග්

🐷අහ් සූබින්.. ජුනිට නැගිටින්න ඕනලු.. එයාව චෙක් කරලා ඉන්නකෝ..
ජින් එහෙම කියද්දි තමා කලබලේට දුවගෙන ආපු හැමෝම හුස්මක් ගත්තේ..

🐰අම්මපා ආයෙත් ඔහොම කෑගහලා තිබ්බොත් ඔය කටට මැහුමක් දාන්න සූබින් හ්‍යුන්ග්..
ඒ අස්සේ ජන්කුක් තාමත් ජින්ට බනිනවා...
මේ පාර නම් අනික් අයත් ඒකට එකඟ වුණේ ජින්ගේ කෑගැහිල්ල නිසා එයාලත් හොඳටම බය වුණ නිසා.. 

ඒත් එක්කෙනෙක් නම් තාමත් මුකුත් නොකියා ඇඳේ ඉන්න නම්ජුන් දිහා බලාගත්ත ගමන් බලාගෙන ඉන්නවා..

🐱ජන්කුක්

🐰ම්ම්ම්ම්

🐱ටේහ්‍යුන්ව බලන්න..
යුන්ගි කිව්වේ තාමත් එකදිගට නම්ජුන් දිහාම බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව පෙන්නලා..

🐰බේබි
ජන්කුක් ටේහ්‍යුන් ළඟට ගියේ ටේහ්‍යුන් ඉන්නේ හොඳින් නෙවෙයි නිසා... එහෙම වෙන්න ඕන.. මොකද මේ දෙවෙනි පාර ටේහ්‍යුන් එයාගේ හ්‍යුන්ග් ඇඳක් උඩට වෙලා මුළු ඇඟම බැන්ඩේජ් කරගෙන ඉන්නවා දැකපු... කැනියුලා ගහලා සේලයින් දීලා ඉන්න නම්ජුන්ව දැක්කම ටේහ්‍යුන්ට මතක් වුණේ දැන් අවුරුදු ගාණකට කලිනුත් නම්ජුන් හොස්පිට්ල් එකක බෙඩ් එකක මෙහෙම හිටපු එක..

Namjin One Shot Where stories live. Discover now