****"මොනවාද කල්පනා කරන්නේ මැණික "
"අනී මුකුත් නෑ ඔප්පා.."
සෝයා ජොංකුක්ගේ පපුව අස්සට තව තවත් ගුලිවුනේ කෙල්ලගේ හිතෙ පිච්චෙන ගින්න කොල්ලට නොදැනෙන්න..
හන් ගග අද්දර වඩිවෙලා කුක්ගේ උරහිසට බරවෙලා එකිනෙකාගේ අත් පටලවන් ඉන්න සෝයාගේ බර සුසුම් කුක්ගේ ගතේ තැවරෙන අන්‍තිම මොහොතයි මේ..කොල්ලාට නම් නිකමටවත් එහෙම හිතුන්නෑ..
"ඔප්පා...මං වෙනුවෙන් ලියපු සිංදු මට තව එකපාරක් අහන්න ආසයි.."
කුක් දකින්න ආසම සෝහාගේ ලස්සන හිනාව..කෙල්ලගේ දිලිසෙන ඇස් මේ තමන් දකින්නේ අන්තිම වතාවට බව නොහිතපු කුක් කෙල්ලගේ ඒ පුංචි ඉල්ලිම හරි ආදරේන් ඉෂ්ට කරේ සෝයාම කොල්ලට ගිෆ්ට් කරපු ගිටාර් එක ප්ලේ කරනගමන්..
🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼
"මැණික..ඇයි මේ අඩන්නේ..මම sing කරා ඔයාට ෆීල් වුනේ නැද්ද.."
සිංදුවේ නිමාවත් සමග ඈත හන් ගගේ රළ බිඳෙන දිහාට ඇස් යොමු වුන සෝයාගේ ඇස් අගිස්සේ කදුලු දෙක තුනක් දැක්ක කුක් ඇහුව්වේ ඒ කදුලු කොල්ලගේ ඇගිලි තුඩකට අරන්..
"අනී ඔප්පා..මගේ ඇහැට රොඩ්ඩක් ගියා ඒක හුගාක් ලස්සනයි...
දන්නවද.. ඔයා දවසක මේ ලෝකෙම ආදරේ කරන ලොකු......සුපර් ස්ටාර් කෙනෙක් වෙනවා ඒක මට හොදටම විශ්වාසයි..මගේ ඔප්පාගේ කටහඩ භාවනාවක් වගේ..ඒක මගේ හිතම නිවනවා.."ඇස් කදුලු පිහිදගත්ත සෝයා කුක්ගේ කම්මුල් උඩ ඒ සිනිදු දෙඅත් තියාගෙන කියන්නේ කියාගන්න බැරි තරම් ආදරේකින්..
"මම හුගාක් ආදරෙයි මැණික ඔයාට..හැමදාම මගේ ළඟින් ඉන්න මට ඒ ඇති.."
ගිටාර් එක ඉදගෙන උන්න බේන්ච් එක පසෙකින් තිබ්බ කුක් තමන්ගේ සෝයාව ඒ පපුවට තුරුලු කරන් කෙල්ලගේ නළල උඩ සිනිදුවට සිප ගත්තා..
**1 year later **
ලැප් එක දිහා බලාගෙන අතීතයේ ලස්සන මතක ගොන්නක අතරමං වුන සෝයා පියවි සිහියට ආවේ සේන්ගේ කාර් එක මිදුලේ නතර වෙන හඩට..කදුලු වලින්ම තෙත් වුන කෙල්ලගේ ඇස් දෙකම රතුවෙලා..වෙව්ලන දෑතින් ලැප් එක වහලා දැම්ම කෙල්ල ඇදන් උන්න ටීෂට් එක උස්සලා මුණ පිහිදගත්තා..
YOU ARE READING
♡MY YOU♡ _JJK_ (Completed ✔️)
Fanfictionගහක පිපී මලකට හිතෙ ඇතිවෙන ආසාව සහා ආදරය කියන්නේ දෙකක් මිස එකක් නොවේ.. වැටෙහෙයි ඔබට.. ඇරයුම් කරමි.. එන්න.. කියවන්න.. ♡MY YOU♡