part 13

107 19 0
                                    

NOT THAT FANTASY

#notthatfantasy

Ep 13

ඊලග දවසේ උදේම ඕෆ් යුනියට ගියේ ගන්ව හමබ වෙන්න බලාගෙන මොකද චිමොන් එක්ක කතා කරාට පස්සේ මොකද වුනේ කියලා ඕෆ්ට දැන ගන්න ඕන උනා.

ඒත් ඕෆ්ට මහා අමුත්තක් දැනුනේ යන්කොට හැමෝම ඕෆ් දිහා අමුතු විදිහට බැලුවා.ඕෆ්ට ඇත්තටම අවුල් වගේ දැනුනත් වැඩිය ගනං ගන්නේ නැතුව යාලුවෝ ගාවට ගියා.

"ආ..හ් මචං මොකෝ කරන්නේ"

ඕෆ් හිනාවේගන ගියත් ටේ ,මයික් ,චිමොන් තුන් දෙනා බය වෙලා වගේ ඕෆ් දිහා බැලුවා.

"මොකෝ බං මේ බය වෙලා වගේ "

"ඕෆ් කලබල වෙන්න එපා බං.ඒත් මේක බලපං"

ටේ එයාගේ ෆෝන් එකේ තිබ්බ වීඩියෝ එකක් ඕෆ්ට පෙන්නුවා.ඒකේ තිබ්බ වෙන මොකුත් නෙවෙයි ඊයේ හවස ගන් එයාගේ කොලර් එකෙං ඇදලා දුන්න කිස් එක.

ඕෆ්ගේ අත් දෙක වෙවුලන්න ගත්තා.මොකද එයා හොදටම දන්නවා ගන්ගේ තාත්තගේ හැටි.

"ඒ බං මේක වැඩිය වයිරල් වෙලා නෑ නේද? අනේ බං"

ඕෆ් ටේගෙං ඇහුවේ ඇස් වල කදුලු පුරවගෙන.

"බං මේක දැනටමත් හැම තැනම ශෙයා වෙනවා.gun attaphan කියන නමත් එක්කම බං"

ඕෆ්ට එයාගේ ඔලුව කැරකෙනවා වගේ දැනුනා.මේදැන්මම ගන් ගාවට යන්න උනත් එහෙම්මම බිම වාඩි උනේ.උන දේ දිරවගන්න ටිකක් අමාරු උන නිසා.

ඕෆ් බිම වාඩි වෙලා විනාඩි දෙකක් විතර ඉන්නකොට ගන්ගෙං කෝල් එකක් ආවා.

"හලෝ ගන්. "

ඕෆ් පුලුවං තරම් නෝමල් විදිහට කතා කරේ තාම මේක ගන් දන්නේ නැතුව ඇති කියලා හිතාගෙන ඒත් ඕෆ්ට ඇහුනේ ගන් ඉකි ගහන සද්දේ විතරයි.

"අනේ ඕෆ් මට බයයි. එයාලා එනවා මාව අරං යන්න 😭😭. ඕෆ් මාව බේර ගන්න මට බෑ හිර වෙන්න ආපහු"

ගන් අඩන ගමං කියවන්න ගත්තා.

"මැනික මේ අහන්න මම එනවා බය වෙන්න එපා හාද? මේ මම එන ගමං"

ඕෆ් නැගිටලා දුවන්න ගත්තා.

"ඕෆ් එයාලා ආවා."

NOT THAT FANTASY Where stories live. Discover now