එකපාරටම.....
වෙන මොකක් වෙන්නද ඉතින්...තාප්පෙ ඔලුව වැදිලා බිම වැටුනා...තාප්පෙ කැඩිලා යන්න මේකි හල්ක් නෙමෙනේ...
🌪️ අයියෝ සූ....ඔලුව රිදෙනවද...
ජූලි සුකියා ගාවට දුවන් ගියා...ජූලිගෙ ඇස් වල කදුලු බෝල දිලිසෙනවා...අපෙන් කාට කරදරයක් උනත් මුලින්ම දුක් වෙන්නෙ ජුලියා..
🌱 කරදරයක් නැතුව ඇති...සුකියා කරන වැඩ වල හැටියට ඕක මොකක්ද..
🌪️ ඒත් එයා චූටියිනෙ...ඔය වයසට ඔහොම තමයි....
💧අඩෝව්.....මෙන්න උමගක්..
🔥 ජෙසී....මගේ ඔලුව මේ තඩි තාප්පෙ වැදුනා.....ඔයාට උමංද...
💧 බොගෙ ඔලුව වගේද බලහන්කො මේක...
සුකියා මට රව රව ඔලුවත් අල්ලන් නැමුනේ උමග බලන්න....
ඒක ලොකු උමගක් වගේ...මේ තරම් කාලයක් තණ කොල වලින් වැහිලයි තිබිල තියෙන්නේ සුකි හැප්පුන පාර වැහිලා තිබ්බ තණ කොල ටික එහෙ මෙහෙ වෙලා...
ඉමා අත් දෙකෙන් තණ කොල ටික එහා මෙහා කරාම අපිට රිංගන්න පුලුවන් තරම් ලොකු සිදුරක් හැදුනා...🌱 ඒහ්...ගායිස්...මේක රජකාලේ හදපු එකක් වගේ....
🔥 උව්ව්...අපි යමුද...
🌪️ යමුකෝ...කරන්න වැඩකුත් නෑනේ...
🌱 ඔව්...අපිව හොයන්නත් කවුරුත් නෑනේ...
💧 ගුරුවරු නම් ගොඩක් සතුටු වෙයි අපි නාවොත්...
🌱 රයිට්...එහෙනම් පොඩි එකාගෙ ඉදම් පනින්න...
අපි මුලින්ම බෑග් හතර උමගට තල්ලු කරා....උමග ගොඩක් ලොකු උනොත් එහෙම කෑම බීම එපැයි..
මුලින්ම පැන්නෙ සුසුකි...එයා කොහොමත් ආස අවදානමක් ගන්න වැඩ වලටනේ...
සුකී පැන්න විදිහෙන් නම් ඇහුවෙ ලගකට පැන්නා වගෙ...🌱 සුකියා...අවුලක් නෑනේ...
🔥 ඔයාලත් බහින්නො...පඩිපෙලක් තියනවා..පරිස්සමට ආ...
ඊගාවට ජූලි,මම,ඉමා පිලිවලින් ඇතුලට පැන්නා...බිම තිබ්බ බෑගුත් එල්ලන් අපි වට පිට බැලුවේ අපි ඉන්නෙ කොහෙද බලන්න...
එක අපි හිතුවට වඩා ලොකුයි...රජකාලේ වගේ බිත්ති වල රදවපු ගිනි පන්දම් වලිනුයි ඒක ආලෝකමත් උනෙ...ගිනි පන්දම් කිව්වට ඒවා රටාවකට් කොල,නිල්,සුදු,රතු පාටවලින් පත්තු උනා...
YOU ARE READING
Four Spirit
Fantasyකොහොමද ඔයාවයි ඔයාගේ යාලුවො තුන්දෙනාවයි එකපාරටම මායාවන් තියන අතීතෙට ගියොත්