Do you love me

109 24 32
                                    

🍃" ඒ මේ අන්න අදත් අරයා ඔයා දිහා බලනවා.හිමින් සැරෙ බලහන්."

🌳" අහ්."

මම හිමින් සැරේ එහා පැත්ත බැලුවා. එවෙලේ ක්ලාස් එකේ මිස් උගන්න උගන්න හිටියේ . ඉන්න මම සූමි 😁.
ඔය මට හිමින් සැරෙ බලහන් කිව්වේ මගේ  අපාය සහයකයා  ජියුන්.

එතකොට බලන් ඉන්නෙ මගෙ පරම පිවිතුරු ක්‍රශ් එක හියුනින්ග් කායි 😁.  එයා මම දිහා බලනවලු ඒත් මමනම් දකින්නෙ නෑ. මාත් එයා දිහා බලනවා හැබැයි හොරෙන් .

ස්කූල් එකේ බෙල් එක ගැහුවා. ඔව් මම තම හයි ස්කූල් එකේ ලාස්ට් ඉයර් කෙනෙක්.  එයාත් මගෙ ක්ලාස් එකේ.

මෙන්න එයා මම ගාවට එනවා   🙄. අනෙ මගෙ හාටුව හිමින් ගැහියන්කො. මම ලස්සන හිනාවක් දැම්මා.

එයා මට  කුල් ඩ්‍රින්ක් එකක් දික් කරන ගමන් හිනාවෙලා ආවා. මමත් ගන්න අත  දිග ඇරියා. ඒත් එයා මාව පාස් කරන් මට පිටිපස්සෙ හිටිය සූබින්ට දුන්නා 😣ආශ්.  මම දිග ඇරපු අතින් අර ජීයුන් උගේ වතුර බෝතලෙ තිබ්බ නැත්තම් මම හෙන චාටර්.

කොහොම හරි මම  නැගිටලා එලියට ගියා. ටිකකින් ක්ලාස් එකට එනකොට හිටියේ නැ කවුරුවත් .

මම ක්ලාස් එකට ගිහින් මම අද ලිව්ව  වාක්‍යය කායිගේ මේසෙන් තියන්න ගියා.මම හැමදාම  cursive වලින් වාක්‍යක් ලියලා එයාගෙ පොතේ අලෝනවා 😁 කවුද  කියල අදුරගන්න බැරිවෙන්න.  ඒත් මම දන්නව එයා ඒවා කියොනවා කියලා.

මම අද ලිව්වේ  Hello  allien  boy . Cute pie  කියලා.ඒක ස්ටිකි නෝට් එකක ලියලා පොතේ අලොලා හැරෙනකොට දැක්කේ,

එයා මම දිහා බලන් ඉන්නවා. ඉවරයි . ලැජ්ජාවෙ බැ මම මැරෙනවා  😫😫😫.

🐧" ඔහෝ එතකොට ඔයාද මේ මට ලෙටර්ස් තියන කෙනා අහුවුනු එක හොදයි 😏."

🌳" අහ් අනි."

මම ඉක්මනට දුවලා ගියා. දුවලා ගියේ බිල්ඩින්ග් එකේ උඩම තට්ටුවට. දැන් ඒවා තියලත් ඉවරයි 😫.මම එතනට  වෙලා ටිකක් හිටියා.

මම  එතන ඉදලා  ටිකකින් ආවා. ඊටපස්සෙ  ක්ලාස් එකට යනකොට කට්ටියම හිටියා වාඩිවෙලා. මමත් ගිහින් වාඩිවෙලා හොරෙන් කායි දිහා බැලුවා. එයා මට අතින් පෙන්නුවේ පොත බලන්න කියලා.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 14, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Anonymous Love (Oneshot)( Birthday gift )Where stories live. Discover now