Special chapter

233 45 15
                                    

-මෙයාව විශ්වාස කරන්න පුලුවන් කියලද ජින් තමුන් මට මේ කියන්නේ!!!

-ටිකක් කටවහගන්නවා යුන්ගි!

ජින් හයියෙන් කෑගැහුවම යුන්ගි අහක බලගත්තා. ටිකකට කලින් ස්ලීපින් ටැබ්ලට් වලින් නිදහස හොයන්න ගිය සෝල්ව, කොහොමහරි බේරගත්තේ කට්ටියම එකතු වෙලා. වැඩිවෙලා නොගිහින් හොස්පිට්ල් එකට ගෙනල්ලා බේරගත්ත සොල් පැයක කොමා එකකට වැටුනේ එයාගේ හිතුවට වඩා දුර්වල වෙලා තිබ්බ නිසා.

තාමත් සිහියත් නොසිහියත් අතර හිටපු සෝල් රූම් එකේ වහල දිහා බලාගෙන හිටියා. කලින් කරපු දේ හරි වුනත් වැරදි උනත්, ඔම්මා කෙනෙක් විදියට සෝල් වැරදි! සෝල් ටිකකටවත් ට්වින්කල් ගැන හිතුවේ නැද්ද?

- ඔයාට තව මේක ගැන හිතන්න තිබ්බා සෝල්!
ඔයාට ඔහොම කරන්න බෑ. ඔයාට වගකීමක් තියෙනවා දරුවො දැන්...

ජිමින්ගේ කටහඩ ඇහුනම සෝල් හෙමින් ජිමින් දිහා බැලුවා. සෝල් ලොකු වැරදිකාරයෙක්! යේනා විශ්වාස කරන්න ඇති එයා නැති දවසක සෝල් කොහොමහරි ට්වින්කල්ව බලාගනිවි කියලා. සෝල් නොදැන යේනගේ විශ්වාසේ කැඩුවා~

-ජ්-ජීමින්..

-කියන්න සෝල්..

සෝල් හෙමින් නැගිටින්න හැදුවත් ඇගෙන් ආපු මත්ගතිය එක්ක සෝල් එහෙම්ම ඇදට වැටුනා. ජිමින් සෝල්ගේ අතින් අල්ලගත්තා. සෝල්ගේ ඇස් වලින් උනුම උනූ කදුලු එකදිගට වැටෙන්න ගත්තම ජිමින්ගේ ඇසුත් කදුලින් පිරුනා~

-ම්-මන් මෝඩ වැඩක්-

සෝල් ඒක කියනකොටම කවදාවත් නැතුව ජින් පලවෙනි වතාවට සෝල්ගේ කනට ගැහුවා. හොදින් බැරිනම් සෝල්ට කියලා දෙන්න පුලුවන් හොදම විදිහ නරක!! සෝල්ගේ ඉක්මන් තීරණ නවත්තන්න පුලුවන් හොදම විදිහ ඒක කියලා දැන දැන ඇයි ජින් එයාව නැවැත්තුවේ නැත්තේ!!!

- ඒ ළමයට අපි ඉන්නඑක ඇත්ත සෝල්!! ඒ තමුසෙට ඇයි හිතන්න බැරිවුනේ තමුන්ලා දෙන්නම නැතුව මේ ළමයා නමට හරි අනාථ වෙනවා කියලා!
තමුසේ ඇත්තටම යේනගෙයි, අපෙයි විශ්වාසේ කැඩුවා සෝල්!!

ජින් අඩ අඩම කියද්දී සෝල් ඒ දිහා බලාගෙන හිටියා. කම්මුල් වලින් දැවිල්ලක් දැනුනත් සෝල් එහෙම්ම හිටියා. සෝල්ට හැමදේම ඇගිල්ලෙන් ඇනලා අරක හරියි මේක වැරදියි කියලා කියලා දෙන්න ඔනේ.

MY PRINCESS | BTS ft. Gl | COMPLETED Where stories live. Discover now