හද ගැස්ම

485 70 82
                                    

~...මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ...~


" කිඳුරෙක් එයාගේ කිඳුරිය ගැන හිතන ලස්සන අදහස් ටික තමයි වචන කරලා... හිත හිරිවට්ටන විදියට අනුශ්ක ඒ කිව්වේ... ඉතින් අපි ඊළඟ සොන්ග් එකට යන්න කලින් පොඩි බ්‍රේක් එකක් අරගමු... "

එදා දවසට නියම කරපු ඇඩ්වර්ටිස්මන්ට් ප්ලේ ලිස්ට් එක ප්ලේ කරපු ස්වේරි එයාගේ ෆෝන් එක අරගෙන ෆේස්බුක් එකට ගියා.

රිෆ්‍රෙශ් ⁣වුන ෆේස්බුක් එක උඩින්ම පෙනුන පෝස්ට් එක නිසා ස්වේරි ටිකක් ගැස්සුනා වුනත් එයාට සතුටක් දැනුනා වගේම ඒ නිසා එයාට පුංචි හිනාවක් ගියා.

*Happy Marriage..To Me & My Love*

ස්වේරිගේ එක්ස් හස්බන්ඩ්⁣ එයාගේ ෆේස්බුක් ගිණුමේ තියලා තිබුන ඒ කැප්ශන් එක වගේම වෙඩින් එකේ ෆොටෝස් කිහිපය ස්වේරි හිමින් හිමින් උඩ පහළට අරන් ගියා.

' එයාලා ලස්සනයි... ඒ වගේම මැචින්... හැබැයි ඔයාට මට වෙඩින් එක කියන්න තිබ්බා රනේ..' ඔලුව වනන ගමන් එහෙම හිතපු ස්වේරි ඒ පෝස්ට් එකට හාට් රිඇක්ට් එකක් වගේම ලවින් ස්ටිකර් දෙකක් එක්ක.. හැපි මැරේජ් ලයිෆ් ඇන්ඩ් ස්ටේ සේෆ් කියලත් කමෙන්ට් කලා.

ඇඩ්වර්ටිස්මන්ට් ප්ලේ එක ස්ටොප් කරපු ස්වේරි සොන්ග් එකක් ප්ලේ වෙන්න දැම්මා.

~...කල්ප කාලයක් පුරා සංසාර චාරිකා...~

" ප්‍රේමයට නිර්වචනයක් දෙන්න බෑ කියලා හරියටම දැනගන්න ඔයත් ඒ හැඟිම එක්ක චුට්ටක් හැප්පෙන්න ඕනේ.. ඔයාටත් ඒකට කියන්න දෙයක් තියනවා නම් කතා කරන්න අපේ හොට් ලයින් එකට.. ඔව්.. අපිට දැන් කෝලර් කෙනෙක් ලැබෙනවා.. කවුද මේ... ? "

ප්‍රොග්‍රෑම් ස්ක්‍රිප්ට් එක කියවන ගමන් ඉද්දි ලැබුන ඇමතුමට සම්බන්ධ වුන ස්වේරි එයා එක්ක විනාඩි කිහිපයක් ම සංවාදෙක යෙදුනා.

" එහෙනම් මට යන්න වෙලාව ඇවිත්.. ආයෙත් සඳුදා රෑ නමයට ඩ්‍රිම්ස් විත් ශකුවි එක්ක මං එනකල් ම මාව මතක තියාගන්න... හරිද.. බෝරිං නැති ලස්සන සති අන්තයකටත් අපේ චැනල් ඩුවො එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආරධනා කරන ගමන් ම මම නවතින්නම්.. මම ඔයාලගේ ශකුවි..."

හද ගැස්ම || කෙටි කතාවකි ||Where stories live. Discover now