~...මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ...~
" කිඳුරෙක් එයාගේ කිඳුරිය ගැන හිතන ලස්සන අදහස් ටික තමයි වචන කරලා... හිත හිරිවට්ටන විදියට අනුශ්ක ඒ කිව්වේ... ඉතින් අපි ඊළඟ සොන්ග් එකට යන්න කලින් පොඩි බ්රේක් එකක් අරගමු... "
එදා දවසට නියම කරපු ඇඩ්වර්ටිස්මන්ට් ප්ලේ ලිස්ට් එක ප්ලේ කරපු ස්වේරි එයාගේ ෆෝන් එක අරගෙන ෆේස්බුක් එකට ගියා.
රිෆ්‍රෙශ් වුන ෆේස්බුක් එක උඩින්ම පෙනුන පෝස්ට් එක නිසා ස්වේරි ටිකක් ගැස්සුනා වුනත් එයාට සතුටක් දැනුනා වගේම ඒ නිසා එයාට පුංචි හිනාවක් ගියා.
*Happy Marriage..To Me & My Love*
ස්වේරිගේ එක්ස් හස්බන්ඩ් එයාගේ ෆේස්බුක් ගිණුමේ තියලා තිබුන ඒ කැප්ශන් එක වගේම වෙඩින් එකේ ෆොටෝස් කිහිපය ස්වේරි හිමින් හිමින් උඩ පහළට අරන් ගියා.
' එයාලා ලස්සනයි... ඒ වගේම මැචින්... හැබැයි ඔයාට මට වෙඩින් එක කියන්න තිබ්බා රනේ..' ඔලුව වනන ගමන් එහෙම හිතපු ස්වේරි ඒ පෝස්ට් එකට හාට් රිඇක්ට් එකක් වගේම ලවින් ස්ටිකර් දෙකක් එක්ක.. හැපි මැරේජ් ලයිෆ් ඇන්ඩ් ස්ටේ සේෆ් කියලත් කමෙන්ට් කලා.
ඇඩ්වර්ටිස්මන්ට් ප්ලේ එක ස්ටොප් කරපු ස්වේරි සොන්ග් එකක් ප්ලේ වෙන්න දැම්මා.
~...කල්ප කාලයක් පුරා සංසාර චාරිකා...~
" ප්‍රේමයට නිර්වචනයක් දෙන්න බෑ කියලා හරියටම දැනගන්න ඔයත් ඒ හැඟිම එක්ක චුට්ටක් හැප්පෙන්න ඕනේ.. ඔයාටත් ඒකට කියන්න දෙයක් තියනවා නම් කතා කරන්න අපේ හොට් ලයින් එකට.. ඔව්.. අපිට දැන් කෝලර් කෙනෙක් ලැබෙනවා.. කවුද මේ... ? "
ප්‍රොග්‍රෑම් ස්ක්‍රිප්ට් එක කියවන ගමන් ඉද්දි ලැබුන ඇමතුමට සම්බන්ධ වුන ස්වේරි එයා එක්ක විනාඩි කිහිපයක් ම සංවාදෙක යෙදුනා.
" එහෙනම් මට යන්න වෙලාව ඇවිත්.. ආයෙත් සඳුදා රෑ නමයට ඩ්රිම්ස් විත් ශකුවි එක්ක මං එනකල් ම මාව මතක තියාගන්න... හරිද.. බෝරිං නැති ලස්සන සති අන්තයකටත් අපේ චැනල් ඩුවො එකත් එක්ක රැදිලා ඉන්න කියලා ආරධනා කරන ගමන් ම මම නවතින්නම්.. මම ඔයාලගේ ශකුවි..."
YOU ARE READING
හද ගැස්ම || කෙටි කතාවකි ||
Short Storyනුඹට අවනත...සුසුම් කලතන.. හදගැස්ම... මෙහි එන නම් ගම් සියල්ල මනංකල්පිත වේ. කතෘ අයිතිය සුරකින ලෙස ඉල්ලා සිටිමි. 2022.08.20. By_Ayo