𝐵𝐼𝑅𝒯𝐻𝒟𝒜𝒴

569 105 31
                                    

Xiao Zhan's POV

අදට මගේ බෝ පැටියට අවුරුදු 25 ක්. එයා දැන් ලොකුයි  ඒ ඉන්නේ ඔයාගේ පොඩි එකා නෙමේ ශාන්.

 වෙයිබෝ එකේ උඩට පල්ලට යන ගමන් මං කල්පනා කලා. දැන් උදේ 10ටත් ලගයි මං දැන් තමා එයාට විශ් කලේ 

හ්ම්ම්...හැමදාම අගෝස්තු 5වෙනිදට මං රෑ 12 ඉදන් ඇහැරගෙන ඒත් කවදාවත් එයාට විශ් කරන්නෑ හේතුව මට එයාව විශේශ නෑ වගේ පෙන්නන්න ඕන , ඒක හරියට උගුරට හොරා බෙහෙත් බොනවා වගේ වැඩක් . මං තරම් ආදරේ හංගගෙන හිතින් දුක් විදින කෙනෙක් මේ ලෝකෙ නැතුව ඇති. අඩුම තරමෙ මට එයා ලගින් ඉන්නවත් තිබුනනම් මට තිබුනා එයා දිහා බලාගෙන ඉන්න හරි , ඒත් මං එයා ලගින් ඉන්නවත් පිං කරලා නැතුව ඇති.

මටත් හොරෙන් මගේ කදුලු පල්ලම් බැස්සා. මගෙ වැඩකට නැති හැගීම් නිසා ඔයා දුක් විදින්න ඕනෙ නෑ මැනික. ඔයා සතුටින් ඉන්න ඕන .  ඔයා ඔයාගෙ ගමන් යන්න ඕන

මං ෆෝන් එකේ ගැලරිය ඕපන් කලා ඒකෙ ඉන්නේ එයා විතරයි . මගේ ෆොටෝස් නැති තරම් . ඔයාගෙ බෙල්ලේ තාමත් ඒ මාලේ තියෙනවා කියලා මට ශුයැන්ග් දවසක් කිව්වා මැනික ඔයා තාමත් මාව බලාපොරොත්තු වෙනවද , මට එච්චරම ආදරෙයිද රත්තරන් , අවුරුදු 3ක් තිස්සේ උපන්දිනේට විතරක් විශ් කරලා මැසේජ් එකක් යවලා තෑග්ගකුත් කාගෙ හරි අතේ යවන මං ගැන ඔයා තාමත් බලාපොරොත්‍තු තියාගෙනද ඉන්නේ

මං දන්නවා උබ මට ආදරෙයි කියලා ඒත් මගේ ආදරේ මං කවදාවත් කියන්නේ නෑ මැනික ඒක මත් එක්කම මැරිලා ගියපු දෙන් ,  මගේ කටින් මං උබට ආදරෙයි කියනකන් බලන් ඉන්නවා කියලා මං දන්නවා,  උබේ හිත උබටත් වඩා ඒ ගැන මට වඩා දන්න කෙනෙක් ඉන්නවද , උබ ආස්‍යි මං ලග දැවටි දැවටි ඉන්න මාත් ආසයි උබව හුරතල් කර කර ඉන්න ඒත් අපේ දෛවය නපුරුයි බෝධි.

උබ දන්නවද මං උබට ආදරේ කරන්න පටන් ගත්තේ මටත් නොදැනීම උබ අනිත් අයට වඩා මං එක්ක හුරතල් වෙනකොට මාත් එක්ක කියවනකොට මං මලකට ඇදෙන සමනලයෙක් වගේ උබට ඇදුනා . ඔව් උබ මලක් මගේ රෝස මල.

අන්ටේම්ඩ් මගේ ජීවිතේ වෙනස් කලා , ඔව් ගොඩක් වෙනස් කලා . මට ගැලවෙන්න බැරි තරමටම ඒ බැදිමෙ මාව හිර කලා. අන්ඩේම්ඩ් ඉවර වෙලා මං ජපානෙට ගියේ මගේ හිතේ තියෙන හැගීම මරලා දාන්න , ඒත් මට බැරි උනා.මගේ හිත මටම පාලනය කරගන්න බැරි උනා. ජපානේ හිටියත් මගේ ඇස් උබවම හෙව්වා , උබවම ප්‍රාර්තනා කරා , ඒක හරි මුරණ්ඩුයි බෝදි හරියට ඔයා වගේම. එහෙදි තමයි මං තීරනේ කලේ මගේ හැගීම් පෙන්නන්නේ නැතුව ඉන්න.

S̶O̶U̶L̶M̶A̶T̶E̶S̶ 𝗢𝗡𝗘 𝗦𝗛𝗢𝗧 ✔Where stories live. Discover now