ගිනි බෝලයක් වගේ දැවෙන ඉර ඈත මුහුදෙ ගිලෙන දසුන හරි සුන්දරයි....
ඈතින් පේන ලස්සන දර්ශනේ දිහා බලාගෙන තරුණයෙක් ලොකු කල්පනාවක....වටේ පිටේ වෙන දෙයක් ගැනවත් නොදැනෙන තරමට ඒ කල්පනාව ගැඹුරු වෙලා තිබුණා....
"මාත් හරියට මේ ඉර වගේ...."
ලෝකෙට කොච්චර එළිය දුන්නත් ඉර පිච්චෙනවා....ඒ වගේ තමයි මමත්....කොච්චර හිනා වුණත් ඇතුළතින් මාවත් පිච්චෙනවා...
බර හුස්මක් පහළට දාපු ඔහු ආයෙම හිස් හැඟීමකින් බැහැගෙන යන ඉර දිහා බලාගෙන හිටියා....
"ජන්ග්කුක්ශී....."
තමන්ගෙ දැහැන බිඳින ගමන් පිටිපස්සෙන් ඇහුණ ඒ හුරු පුරුදු කට හඬ අඳුන ගත්ත ඔහු බෙල්ල මදක් හරවල ආපු කෙනා දිහා බලල ආපහු ඉස්සරහම බලාගෙත්තෙ කිසි කතා බහක් නැතුව....
"අදත් ජන්කුක්ශී ඇවිත්....මං ඔතනින් ඉඳ ගත්තට කමක් නැද්ද....?"
"ඉඳ ගන්න ලිලී...මම එපා කිව්ව කියල ලිලී මෙතනින් ඉඳ ගන්නෙ නැතුව ඉන්නෙ නෑනේ..."
ඔහුගෙ උත්තරේට යන්තම් හිනා වුණ ඇයත් ඔහු ළඟින්ම ඉඳ ගත්තෙ ඈත පේන ක්ෂිතිජය දිහා බලාගෙනම....
"ලස්සනයි නේද...."
"හ්ම්ම්..."
"ඇයි හ්ම්ම් කියන්නෙ...ලස්සන නැද්ද?"
"පිටතින් ලස්සන වුණාට ඒක ඇතුලතින් ලස්සන නෑ ලිලී..."
"ජන්කුක්ශී අදත් මාව පටලවනව...හැමදාම වගේ"
"ඒක පැටලීමක් නෙවේ ලිලී....ඒකයි නොපෙනෙන යථාර්තය...."
"මට තේරෙන්නෑ ජන්කුක්ශී...මට නම් මේ දර්ශනේ හරි ලස්සනයි....ඉර මුහුද එක්ක ලොකු කතාවක...."
YOU ARE READING
𝚂𝚝𝚊𝚢 𝚆𝚒𝚝𝚑 𝙼𝚎♥️[𝙹𝙹𝙺:𝚂𝚑𝚘𝚛𝚝:𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍]
Любовные романыඉර බැස යන විට ලෝකයද නින්දට වැටුනේ ඔබෙයි මගෙයි නොකී ආදර කතාවට සද දෙවුදුව සාක්ෂි දරද්දි!!🌹💫