12

854 158 32
                                    

කාලය ඉක්මනින් ගෙවිලා ගියා ජන්කුක්ගේ හුරතල් වැඩ නිසා මුලු හොස්පිටල් එක පුරාම අමුතු නැවුම් බවක්  පිරිලා තිබුනා..

අයියූ කොට කොට යන හාල්මොනි. මන් ඔයාට කිව්වනේද මෙහෙන් දෙන ඔක්කොම කෑම ටික කන්න ඕනි කියලා. උයා මන් කියන දේ අහන්නෙ නැත්තෙ මට ආදරෙ නැති නිසානේ නේද☹️ ඉහි ඉහි කොට කොට යන හාල්මොනි මට ආදරේ නෑ ඉහි ඉහි... ජන්කුක් හාල්මොනිගේ ඉස්සරහින් දණ ගහගෙන අඩන්න ගද්දි හාල්මොනි ඉක්මනින් ජන්කුක්ව තුරුල් කරගත්තා.. ඒත් එක්කම මෙච්චර වෙලා ඉකි ගැහුව ජන්කුක් මහා හයියෙන් අඩන්න ගත්තෙ හාල්මොනිට කෑම කවන්න වටවෙලා හිටිය නාර්ස්ලට හරිනේ අලි මදිවට කොටිත් නලවපන්කෝ කියලා හිතෙද්දී..

අඩන්න එපා කුකි. මන් ඔයාට හුගාක් ආදරෙයි.. මන් ඔයාට තමයි මේ හොස්පිටල් එකේ ඉන්න අයගෙන් වැඩිපුරම ආදරේ.. හාල්මොනි ජන්කුක්ව සනසද්දී බොරුවට ඉකි ගහන ගමන් හිටිය ජන්කුක් හාල්මොනිට තුරුල් වෙලාම ඩෙවිල් හිනාවක් දැම්මේ වටේ හිටිය නර්ස්ලව කන්ෆියුස් කරලා..🤔

උයා බොරුනෙ කියන්නෙ.. උයා මට ආදරේ නම් කෑම කන්න බෑ කියන්නෑනේ..

හරි හරි දරුවෝ මන් කන්නම් ඇත්තමයි. මන් මේ දැන්ම කන්නම්. හාල්මොනි කියද්දී ජන්කුක් ලස්සනට හිනාවෙලා හාල්මොනිගෙන් ඈත් උනේ හාල්මොනිගේ මූණටත් හිනාවක් ගේන ගමන්..

ඒනම් මන් ඔයාට කවන්නම් හලිද. ජන්කුක් ස්ටූල් එක උඩ තිබුණ කෑම පිගාන තමන්ගේ අතට ගන්න ගමන් කියද්දී නර්ස්ලට නම් එලොව සිහි වුනා. ලග තිබුන ලේන්සුව අරන් ජන්කුක් තමන්ගේ බෙල්ල වටේ බැදගද්දී නර්ස්ලා හිනාව පාලනේ කරගත්තේ හුගක් අමාරුවෙන්.

හරි හාල්මොනි ආ කියන්න.

හ්ම්ම් ගුඩ් හාල්මොනි..

ඒක නෙමෙයි හාල්මොනි ඔයා දන්නවද අයන් මෑන්ව.. ජන්කුක් සුපුරුදු විදිහට අයන් මෑන් ගැන කියවන්නයි යන්නේ කියලා දැන ගත්තා නාර්ස්ලා ටික ලොකු හුස්මක් පහලට දාලා තමන්ගේ කන්වල ඇගිලි ගහාගත්තෙ ජන්කුක්ගෙ ඒ කතාව අහලා අහලම අප්පිරිය වෙලා තිබුන නිසා..

The doctor's cute boyfriend 💞[TK]Where stories live. Discover now