..
..
..
..යීබෝ..
..ම්ම්..
..යීබෝ..
............
..මාව අතාරින්නකෝ..
..ම්ම්..
..කෝ ඉතින් ..යී..බෝ..හ්...
මං ආදරෙයි කියලා කිව්වා උනත් එයා ආපිට මට ආදරෙයි කිව්වෙ නෑ..ඒක එයාගේ ආඩම්බරකම කියලා දැන දැනම මං ආපිට උත්තරයක් බලා නොවීම ඉවසන් හිටියා..එයා කොහොමත් හැගීම් එලියට දාන්න කැමති කෙනෙක් නෙවේ..ඒ නිසාම එයා හුගක් වෙලාවට කරන්නේ හැගීම් හිර කරන් ඉන්න එක කියලා මට තෙරිලා තිබුනා..ඒ අතින් බලනකොට මං දාස් වාරයක් සතුටු උනා මට අහන්න ඕන උනු දේ එයා මටත් කලින් ඇහුව එකට..සමහර විට මට ආදරේ කරනවද කියලා මං ඇහුවා නම් එයා මට උත්තරයක් තියා බැල්මක්වත් නොදා ඉන්න තිබුනා..මැරෙන්න කලින් අවසන් කැමැත්තවත් ඉශ්ට කරලා දෙන්න දෙවියන්ට මන් ගැන අනුකම්පා හිතිලා තියෙද්දි මගෙ වචනෙකින් හරි එයාගේ හිත වෙනස් වෙයි කියලා මං පුළුවන් තරම් පරිස්සම් උනා..එයාගේ කේන්තියවත් අතීතෙවත් ගොඩ ගන්න හදන්නේ නැතුව අනාගතේ ගැනවත් නොහිතා මං අවුරුදු ගානකට පස්සෙ මට ලැබෙන ආදරේ විදින්න එයාගේ පපුවෙන් ලොකු හුස්මක් ඇද ගත්තා...දාඩිය ගද පරද්දලා එයා හංගන් ඉන්න ඒ පොඩි හරි හැගීම මගෙ හදවතට දැනුනා...වචනෙන් ඕනාවට වඩා මුකුත් නොකීවත් එයා ආදරෙයි කියපු වෙලාවේ ඉදන් මාව තප්පරේකටවත් ඈත් නොකර පපුවට තුරුලු කරන් හිටියා..මොකක්දෝ හොයන්න වගේ දිගින් දිගටම එයා මගෙ නිරුවත් උරහිසටයි බෙල්ලේ තිබුනු දත් පාරවල්වලටයි හාදු තිබ්බා....මං අහලා තියෙනවා ආදරේ කියන්නේ වචනෙන් කියන්නම ඕන හැගීමක් නෙවේ කියලා..මොකද ඒක වචනවලට පෙරලන්නත් කලින් හදවතට දැනෙනවා...ඉතින් මටත් එයාගෙන් ඒ වචන තුන අහන්න ලොකු ඕනකමක් දැනුනේ නෑ..වචනෙට විතරක් සීමා උනු බැදීම් තියෙන ලෝකෙක වචනෙන් නොකියන හදවතට කාවද්දන ඒ හැගීම මට මහ මෙරක් තරම් ලොකු උනා...
..අනේ..හ් ඇති යීබෝ..මට කිතිනේ..
..ම්ම්..කමක් නෑ..
අත ඇරෙයි කියලා බයට ඈත් කරන්න බයෙන් එයා තවත් මාව තුරුලු කරගන්නකොට මං එයාගේ බෙල්ල වටෙන් අත දාලා ඒ ගැට ගැහුනු කොන්ඩෙ අස්සෙන් ඇගිලි ගෙනිච්චා..රටාවකට අත ගාන්න ඕන උනත් ඒ ගැට ගැහුනු තැන් මග අහුරද්දි මං හරි පරිස්සමට රිදෙන්නේ නැති වෙන්න ඇගිලිවලින් පැටලිලි ටික ලෙහුවා..එයා සති ගානකින් කොන්ඩේ පීරලා නෑ..මං හිතන්නේ අඩුම තරමේ මේ අවුරුදු ගානට ශැම්පු බිදක්වත් ගාලා නෑ..ඒත් ඒක මට වැඩක් ඇති දෙයක් නෙවෙයි..හරියට බලනවා නම් මං තාම එයාගේ මූනවත් පැහැදිලිව දැකලා නෑ..නම ඇරුනාම එයා ගැන අංශු මාත්රෙක දෙයක් දන්නේ නෑ..ඒත් මං එයාට ආදරෙයි ..පිට පෙනුම දිහා නොබලා ඇතුලාන්තය දිහා විතරක් බලපු නිසා මං එයාට ආදරෙයි ...ඉතින් මට මේ වගේ පොඩි දේවල්වලින් ඇත්තටම වැඩක් ඇත්තේ නෑ..සමහරක් කෙනෙක්ට හිතෙයි මැරෙන බව දැන දැන අතාරින්න අමාරු බැදීම් ඇති කරගන්න එක මොන මෝඩකමක් කියලා..ඒත් මං දකින විදිහට නැති වෙනවා කියලා හිතන් හරි බැඳීමක් නැති හැගීමක් නැති හිස් මනුස්සයෙක් විදිහට මැරිලා යන එකයි මෝඩකම..දන්නවා අපි දෙන්නට අපිව අතාරින්න වෙනවා කියලා..ටිකක් දුකක් දැනුනත් ලොකු දුකක් නෑ..මොකද මට සතුටුයි මං නැතුව ගිහින් එයා දුක් විදිනවටයි එයා නැතුව ගිහින් මං දුක් විදිනවටයි වඩා අපි දෙන්නා අපේ ආදරේ එක්ක එකපාරම මේ ලෝකෙන් යන්න යන එකට...මට පසුතැවීමක් නෑ අපි දෙන්නා මීට කලින් හම්බ උනා නම් කියලා..මොකද එහෙම උනා නම් සමහරවිට මේ කාමරේ මගෙ තනියට ඉන්නේ එයා නොවෙන්න තිබුනා..ලන් වෙන්න බැරි දුරක ඉදන් අපි දෙන්නා අපේ ආදරෙත් එක්කම විදවන්න තිබ්න අවස්තාව වෙනුවට මේ විදිහට එකටම මැරෙන්න බලන් අපි දෙන්නා ආදරේ කරන එක ගැන මට සැනසීමක් තිබුනා...
YOU ARE READING
_⚠️️The Room Of Death⚠️️_ ( Yz Completed ff)
Horror..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම මාත් මේ කාමරේ ඇතුලෙදිම මැරෙනවා.. ..මගෙ ජීවිත කාලේ හරියටම දවස් දහ අටයි..