ඊලඟ සේවාලාභියා

127 19 27
                                    


ඔහු ඇද පාමුල වැටී තිබූ කලිසම ගෙන හඳිමින් සිටියේය. සී සී කඩ විසිරුණු ඔහුගේ ඇඳුම් එකින් එක පිලිවෙලට නැවත ඔහුගේ සිරුර වසා ගනිමින් තිබිණි. ඇද වියලේ තිබූ බඳ පටිය ගෙන ඔහු සිය ඉදිරියට නෙරා ආ බඩට කලිසම හිර කර ගත්තේය. මොහොතකින් ඔහුද පිටව යනු ඇති.. ඇඳ ඇතිරිල්ල යටට වී ඔහු දෙස බලා සිටි මගේ ඇඳුම් නම් තවමත් පෙර පරිදිම සීසීකඩ විසිරී තිබිණි. පසුම්බියෙන් මොණර කොළ කිහිපයක් රැගෙන මේසය මත තැබූ ඔහු වරක් මා දෙස හැරී බැලුවේය. නමුත් ඔහුට පිදීමට මලානික සිනාවක් වත් මා සතුව නොවීය.

පැය බාගෙක රෙස්ට් එකක්..ඊලඟ කෙනා එනකම්..

ඇඳ ඇතිරිල්ල පසෙක දැමූ මම නිරුවත් දෙපා නානකාමරය වෙත යොමු කළෙමි..

***************************************

කණ්ණාඩිය ඉදිරිපස හිඳගත් මම තද රත් පැහැ තොල් ආලේපනයක් ආලේප කළෙමි. විඩාබර දෑස් යට නැගුණු කලු පැල්ලම් සැඟවීමට තැවරූ වත්සුණු මුහුණේ සියුම් දැවිල්ලක් ඇති කළේය. මම කැඩපතින් පෙනෙන මගේම ප්‍රතිබිම්බයේ දෑස් මග හැරියෙමි. දොර හැරිණි. ඇතුලට පියවර තබන සපත්තු මුහුණතක් බලාපොරොත්තුවෙන් සිටි මම මොහොතකට වික්ශිප්ත වීමි.

"හීල් එකක්"

දම් පැහැ නිය ආලේපන වලින් පටන් ගත් මම කකුල දිගේ උඩට දෑස් යැවීමි.. එකදු රෝමකූපයක් හෝ ඉතිරි නොවන්නට වැක්ස් කළ සුමුදු දෙපා, දණහිස්, නිල් පැහැ කෙටි සායක්, හැඩැති ඉඟක් කුඩා පියයුරු, දිගු බෙල්ලක්, රතු දෙතොලක්, කුඩා නාසයක් හා කණ්ණාඩියකින් රාමු වූ තියුණු දෑසක්..

"මේකිට වැරදිලාද?" මගේ මනසෙහි ඇඳුණු පළමු පැනය එයයි. දොර වසාදැමූ ඇය දිගු අඩි තබමින් පැමිණ ඇඳෙන් වාඩි වී සිය අඩි සපත්තු ගලවන්නට විය. මම තවමත් ගල් ගැසී ඇය දෙස බලා සිටියෙමි. සපත්තුවේ බකල් එකක් පන්නමින් සිටි ඇගේ දිගු බෙල්ලේ තිබූ මන්දාකිණියක ටැටූව මා දුටුවේ එවිට ය. ඇය හිස ඔසවා මා දෙස බැලුවා ය. මොහොතක් අපේ නෙත් යා වී තිබිණි.

"සොරි මිස්, මම ලෙස්බියන් ක්ලයන්ට්ස්ලා බාරගන්නෙ නෑ. "

අවසන මම කියා දැමුවෙමි. ඇගේ කට කොනකට නැගුනේ සිනහවකි. එය අවඥා සහගත එකක්දැයි මට නිශ්චිතව කිව නොහැක.

The Next Client Where stories live. Discover now