බුර බුරා නැගෙන ගිනි ජාලාවන්..
හදවත් කම්පා කරවන සුලු වැලපීම් අහස් තලය සිසාරා පැතිර යන්නට විය.එය කාසලායිහි වැසියන්ට තවත් එක් සාමාන්‍ය දිනයක් ලෙස ඇරඹි නමුදු හෝරා කිහිපයක් ඇතුලත සියල්ලම වෙනස්වනු ඇති බවට ඔවුන් කිසිවකුත් නොසිතන්නට ඇති .කාසලායි වැසියන් කලකට පෙර අසුරයන්ගේ පාලනය යටතේ බොහෝ පීඩාවට පත් වුවද මේ වනවිට එය අසුරයන්ගේ ග්රහණයෙන් මිදී සාමාන්‍ය මනුෂ්‍ය ජනාවාසයක් බවට පත්ව ඇත. වැසියන් තමන් පැතූ ආකාරයේ නිදහස් ජීවිතයක් ගතකරන්නට පුරුදු වී දැන් අඩ සියවසකට ආසන්න කාලයක් ගතව තිබිණි.නමුදු සියල්ලම දැන් දිස්වන්නෙ නපුරු සිහිනයක් මෙනි.
" කුමක් නිසාද ඔබ නොහඬන්නේ...ඔතරම් රුදුරු වන්නට එපා ඔබටම.."
ගිනි ගන්නා චිතක දෙස ඇස්පිය නොහෙලා බලාසිටි එක් තරුණියක් අසලට ආ ඇගේ මිතුරියන්ගේ උත්සාහය ඇගේ ශෝකය බෙදාගැනීමටය.ඔවුන්ගේ සියලු ප්රයත්න නිරර්ථක වුවද ඇයගේ මුවින් පිටවි ශබ්දය රැස්ව සිටි සියල්ලන් මවිත කිරීමට නම් සමත් විය." මා පොරොන්දු වෙනවා පලිගන්නා බවට..මියගිය සෑම අයකු වෙනුවෙන්ම..ගැලූ සෑම රැධිර බිඳුවක් වෙනුවෙන්ම.."
ඇය ජිතාහි..
ඇයගේ සුන්දරත්වය දුටුවන් පැවසූයේ ඇය අප්සරාවකටත් වඩා සුන්දරබවය. එමෙන්ම කාරුණික හදවතකටද හිමිකම් කියූ ඇය කාසලායිහි අකිලේෂ් රජුගේ එකම දියණිය විය.තම වැසියන් සමඟ එක්ව කටයුතු කල ජිතාහි දක්ෂ සේනාපතිනියක්, වෙදැදුරුවරියක් පමණක් නොව මායාවන් හැසිරවීමෙහිද කෙළ පැමිණි අයකු වූවාය.ඇය උපන් දිනයේ පටන් ඇයට සඳ දෙවඟනගේ ආශිර්වාදය හිමිබව වැසියන් අතර පැවති විශ්වාසයක් විය.ජිතාහි රාජකීය පවුලේ වටිනාම වස්තුව වූ නමුදු ඇගේ දෑසේ ආලෝකය ඇගේ වැඩිමහල් සොහොයුරා විය.
සන්සුන් ඇයව එතරම් බිහිසුණු කිරීමට සමත් වූයේ එයයි.පලිගැනීමේ චේතනාව..
කාසලායි වෙත කඩාවැදි අසුරයෝ විසින් අකිලේෂ් රජු , යුවරජු ප්‍රනාත් ඇතුළු බොහෝ යුධ සෙබලුන් පිරිසක් මරා දමා පිටව ගියහ. තම වැසියන් බේරාගැනීමට නිර්භීතව සටන් වැදි ඔවුහු අවසන තම ප්‍රාණයන් හිලව්කොට වැසියන්ගේ දිවි රැකගත්හ. නොසිතූ පරිදි සිදුවූ මේ ව්‍යසනයෙන් කාසලායිහි වැසියන්ගේ ආරක්ෂාව මෙන්ම පාලනයෙහි වගකීමද ජිතාහි වෙත බාරවිය. නමුදු මේ මොහොතේ ඇගේ පූර්ණ අවධානය මියගිය ආත්මයන් වෙනුවෙන් පලිගන්නටය.

ESTÁS LEYENDO
සමුගැන්මට පෙර...
Historia Cortaහැම දේකටම අවසානයක් තියෙනවා...මේ ලෝකේ අවසානයක් නැති දෙයක් නැහැ..රවුමකට පවා අවසානයක් තියෙනවා ..ඒත් ඒ හැම අවසානයක්ම සතුටුදායී නැහැ..ඇත්තටම හැම අවසානයක්ම සතුටුදායී වෙන්නම ඕනද... ඒ වගේම මේ ලෝකේ හැම බැදීමක්ම සතුටින් අවසන් වෙන්න ඕනද..එහෙම හැම බැදීමක්ම සතුට...