9

1.1K 262 21
                                    


වෛද්‍යවරයාගෙ කාමරයෙන් එලියට ආව ජන්ග්කුක් වෙව්ලන්න ගත්තා...බිත්තියට වාරු දීගෙන වෙව්ලමින් ඇවිදන් ආව ජන්ග්කුක් තවත් ඇවිදගන්න බැරි බවක් දැනෙනකොට එහෙම්මම එතන තියෙන පුටුවකින් වාඩි උනා...

"ජ-න්ග්කුක්..!"

තවමත් සිද්ද වුනු කිසි දෙයක් හිතාගන්න බැරුව ඉන්න යුන්ගි ජන්ග්කුක්ගෙ උරහිසෙන් බයෙන් වගේ අත තිබ්බම ජන්ග්කුක් ගැස්සුනා...

"ම-මට ටිකක් ත-තනියෙන් ඉන්න ඕන යුන්ගි.."

ජන්ග්කුක්ගෙ කටහඩ හිතාගන්න බැරි තරම් වෙනස් වෙලා...මාස දෙකට ඇදිලා ගිහින් හිටිය ජන්ග්කුක් මේ ගෙවුන විනාඩි දහයට තවත් සුදුමැලි වෙලා වෙනස්ම පෙනුමක් අරන් තිබුනා...ඇදගෙන ඉන්න ලා නිල් පාට කමිසය තෙත් වෙනකන් ජන්ග්කුක්ට දාඩිය දාලා තිබුනා...

"ඒ-ඒත්..."

"අයි සෙඩ් ගෝ !!!"

මුලු හොස්පිට්ල් එක පුරාම දෝංකාර දෙන්න තරම් හයියෙන් ජන්ග්කුක් කෑ ගැහුවා...කදුලු එකිනෙක වැටෙන ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලාගෙන හිටිය යුන්ගි ලොකු හුස්මක් ගත්තා...

"හ්ම්ම්...මං යන්නම් ඒත් මෝඩ වැඩ කරගන්න නම් හදන්න එපා.."

ජන්ග්කුක්ගෙ උරහිසට තට්ටුවක් දාපු යුන්ගි එතනින් යන්න ගියා..

යුන්ගිටත් ඕන උනා හිතන්න..මේ සිද්ද උනේ මොකක්ද කියලා...එයාගෙ ඔලුවත් ගිනිබත් වෙලා තිබුනා ජන්ග්කුක් තරම්ම..

යුන්ගි එතනින් ගියාම ජන්ග්කුක් විතරක් එතන තනි උනා...

මීට විනාඩි කීපයකට කලින් වෛද්‍යවරයා කිව්ව දේවල් ජන්ග්කුක්ගෙ කන් ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා..

"කන්ගැජුලේශන්ස් මිස්ටර් ජන්ග්කුක් ! ඔයා ප්‍රෙග්නට්..!"

වෛද්‍යවරයගෙ වචන ඇහෙද්දි ජන්ග්කුක් වගේම යුන්ගිත් හුස්ම ගන්න එක පවා අමතක කරලා වෛද්‍යවරයා දිහා බලන් හිටියා..

ඒක වෙන්න පුලුවන් දෙයක් ද !

පිරිමි කෙනෙක් ප්‍රෙන්ගන් වෙන්න !

𝗡𝗜𝗚𝗛𝗧𝗠𝗔𝗥𝗘 [ TK ] ☑️Where stories live. Discover now