"ජන්කුක් ඔයා එන්නෙ නැද්ද අද ජින්ලගේ ගෙදර යන්න" හොබී ඇහුවාම මං නෑ කියන්න ඔලුව වනන්න ගිහින් ඔව් කියන්න ඔලුව වැනුනා...
"එහෙනම් තෝ ඔතනට වෙලා ලබ්බ බහිනකං බලං ඉන්නවද? වරෙන් යන්න ඇදුමක් දාගෙන" හොබී මටත් බැන බැනම උගේ කාමරයට ගියා...
මමත් ඉතින් මක් කරන්නද? අරූ කියනවා වගේ ලබ්බ බහිනකං බලන් ඉන්න බෑ ඒක නිසා මං ඉදගෙන උන්න පුටුවෙන් නැගිටලා උඩට ඉස්සිලා තිබ්බ ශෝට් එක අත් වලින් ඇදලා පහතට දැම්මා...
ඔයාලා බලනවා ඇති මේ මොකාද මේ කියලා.. ඇත්තටම මගේ නම ජෙයොන් ජන්කුක්, වයස කියනවනම් තව මාසෙකින් 18 ලබනවා... ඔම්මගෙයි අප්පගෙයි සීදේවි පුතා මං තමා, පවුලේ එකා යකා කියලා අහලා නැද්ද? මං ඉතින් එකා නිසා යකා වගේ තමයි...
ඔම්මලා එක්ක නම් නෙවෙයි මං ජීවත් වෙන්නේ... මගේ අතිජාත පරම යාලුවා ජන්ග් හෝසොක් එක්ක තමයි මං මගේ ජීවිත කතාවේ භාගයක්ම ගෙව්වේ... ඌ මොනා කිව්වත් හොද එකා...
හරි දැන් ආපහු කතාවට බහිමු... අරූ අර විදිහට කෑ ගහගෙන යන්න ගියේ ජින් කියන හාදයගේ ගෙදර යන්නනේ... ජින් කියන්නේ අපේ පන්තියේ තවත් එක කොල්ලෙක් උගේ පම්පෝරිය ගැන කතා නොකර ඉමු ඒත් හිත හොද කොල්ලා...
එයාගේ අද ගෙදර කවුරුත් නෑ කියලා පන්තියේ උගේ ගැන්සියේ සෙට් එකට පොඩි බජව්වක් දාන්නයි කියලා කතා කරා... ඕකට මට, හොබියට, ජිමිනට, යුන්ගිට, ජූනට, කායිට, මින්හොට, හන්සූට ආ- ආ- තව- තව- හරි හරි එයාටත් එන්න කිව්වා තමයි...
මගේ පුංචි පහේ ඉදලා crush එක කිම් ටේහ්යුංටත් ඔය පාටියට ආරාධනා කරපු එක තමයි මං අර පුටුවේ ලබ්බ බහිනකං ඉදගෙන යනවද නැද්ද කියලා කල්පනා කරන්න හේතුව... යනවද? නැද්ද?
නොයා බැරි කමට මං ලෑස්ති උනේ යන්න... ජිනාගේ ගෙදර පේද්දී මට හිතුනේ කා එක ආපහු හරෝගෙන ගෙදර ගිහින් ඇදට පැනලා ඩුවට් එක ඔලුවෙ ඉදන් පොරෝගෙන බොරුවට ගොරෝන ගමන් නිදාගන්නයි... දැනටම මගේ කකුල් වෙව්ලනවා...
බයට නෙවෙයි ආදරේ වැඩි වෙලා!!!
ආ හරි කිම් ටේහ්යුං කියන මාගේ සිත පැහැර ගත් ඒ සොර කුමාරයා ඉස්සරහා මං රතු වෙන එක, හාට් එක රේස් දුවන එක වැනි විවිධ හේතූන් මත මං එයාට මාරම බයයි හලෝ... පිටසක්වලයෙක් වගේ කොයි වෙලෙත් ඔරවන් ඉන්න ඒ මූණට, ශේප් එකට තියෙන සික්ස් පැක් එහෙම යාන්තමට ඇවිත් තියෙන නහර වලින් පිරුණු ඇගට, එතකොට එතකොට කොලේජ් කලිසම ඇන්දාම උඩට- උඩට- නෑ ඒක ඕන නෑ... ඉතින් ඔය දේවල් වලට මේ කාලකන්නි හිත උටම~ අයි මීන් එයාටම ගියානේ...
![](https://img.wattpad.com/cover/289107546-288-k38151.jpg)