💜Another Chance To Love💙 (2)

27 11 6
                                    

"ඔබට නැවතත් ඔබගේ නිකායට යා හැකියි Feng Wu ඔබ හා මා අතර තවදුරටත් සබදතාවයක් නොමැත...
ඔබගේ පියාට මා පණිවිඩයක් යවා ඇත.. ඉන් මා වරදකරුවා වනු මිස ඔබට කිසිදු වරදක් පැටවෙන්නේද නැත එම නිසා සතුටින් සැහැල්ලුවෙන් කල් ගෙවන්න..."

"ඔබට බොහොම ස්තූතියි Yu Mingye..."

"එය සුළු දෙයක්..."

"දැන් මා Jian හමුවීමට යා යුතුයි..."එසේ සිතූ mingye වෛද්‍ය කුටිය වෙත පිය නැගුවේ තරමක ගැස්මකින්...
එක්වරම කුටිය තුලය ඇතුල් නොවූ yu mingye කවුළුවෙන් Jian දෙස බලා සිටියේය...
ඔහු පොතක් කියවමින් සිටී...
කවුලුවෙන්ම කුටියට ඇතුලු වූ ඔහු Yin Jian වෙත අඩි තබන්නට විය...

"මා හට ප්‍රතිකාර කලාට ස්තූතියි..."

"එයයි මගේ රාජකාරිය..."

"ඔතරම් නපුරු වන්න එපා Jian මට ඔබට ස්තූතී කිරීමට පමණයි අවශ්‍ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔතරම් නපුරු වන්න එපා Jian මට ඔබට ස්තූතී කිරීමට පමණයි අවශ්‍ය..."

"ඔබගේ බිරිදට ගොස් ස්තූති කරන්න..."

"ඇය තව දුරටත් මාගේ බිරිද නොවෙයි..."

"කුමක් හෝ..."

"මා ආපහු ඔබගේ ආදරය දිනාගනිමි..."

"මා ඔබට තව දුරටත් ආදරය නොකරමි..."

"හැබෑ...ද.. අපි බලමු..."
Yu mingye කවුලුවෙන්ම පිටවී ගියේය...

"කවුලුව වසා දමන්න..."
Jian ඔහුගේ සහයට සිටින කොලු ගැටයාට කීවේය....

පසුදා උදෑසනම Yin jian නැවතත් Holy නිකාය වෙත යෑමට සූදානම් වූයේය...

"ඔබ කොහෙ යෑමටද මේ සැරසෙන්නේ...?"

"එය ඔබට අවශ්‍ය දෙයක් නොවේනේ Mingye..."

"එය මට අවශ්‍ය දෙයක් පවසන්න ඔබ කොහේ යෑමටද සැරසෙන්නේ..?"

"මා නැවත මාගේ නිකායට යා යුතුයි..."

"ඉතින් මාත් පැමිනෙන්නම්..."

"අවශ්‍ය නැහැ..."

තම බඩු බාහිරාදිය බෑගයකට දමාගත් yin jian එය අසුපිට රදවා ඔහුද අසු පිට නැග Holy බලා ගමන් ඇරබීය....

Holy නිකාය වෙත ගිය yin jian තම පියාගේ කුටියට ගොස් Darknight නිකායෙන් ගෙන ආ තම නිකායේ ලියකියවිලි ඔහු වෙත බාර දුන්නේය...

"Jian..."

"පියාණනී..."

"ඔබට නිකාය නායකත්වය භාරගැනීමට කාලය පැමිණ ඇත.. මා ඉතා දුර්වලයි..."

"එසේ පවසන්න එපා පියාණනී ඔබ දුර්වල නැත..."

"කෙසේවෙතත් ඔබ නිකාය නායක විය යුතුයි හැකි ඉක්මනින්..."

"සියල්ල ඔබේ කැමැත්ත අනුව සිදුවේවී..."

Yin Jian නිකාය නායක වී සතිකිහිපයකට පසු ඔහුගේ පියා මියගියේය...
ඉන් පසු නිකායේ සියලුම කටයුතු jian සතුවූ අතර ඔහු හැම වගකීමක්ම අකුරටම ඉටුකලේය...

"Yu Mingye Yu Mingye..."
කඩවීදියේදී දුටු රුවක් පසුපස Jian හමා යන්නට විය...

"Chif..?"

"ඔහ්... සමාවෙන්න මා ඔබ වෙන අයෙකු කියා රැවටුනා..."

"Chif ඔබ මේ කඩවීදියේ කුමක් කරන්නේද..?"

"කිසිවක් නෑ.. Holy නිකාය තුල නීල වර්ණ පැහැති ඇදුමකින් සැරසී සිටින මා දුටු පලමු පුද්ගලයා ඔබයි.."

"ඔහ් සමාවන්න Chif මෙය මා හට ලැබුනු තිලිනයක්..."

"එසේද..? මා පිටවිය යුතුයි සමාවන්න ඔබට කරදර කරානම්..."

"එයට කම් නෑ නිකාය නායකතුමනී..."

"ඔබ මා මනස අවුල් සහගත කරනවා Mingye...තව දුරටත් ඔබ නොමැතිව සිටිය නොහැකී මට..."
____________________________________________________
සති කිහිපයකට පසු...

තම කුටියේ විවේක ගනිමින් සිටි Yin jianට සුපුරුදු සුවදක් දැනෙන්නට විය...
එය වෙන කාගෙවත් නොව තමන් ආදරය කරන yu mingyeගේ බව හදුනා ගැනීමට ඔහුට බොහෝ වෙලාවක් ගියේ නැත...

"සැඟවීමට අවශ්‍ය නෑ කුටිය තුලට පැමිනෙන්න"
කුටියේ කවුලුව අසලට ගිය jian පැවසීය

"ඔබ කොහෙ සිටියත් මා අදුනගන්නවා නොවේද...?"

"Mingye..."

"පවසන්න..."

"මම හිතන්නේ.... මම ඔබට තවමත් ප්‍රේම කරමි..."

"මා එය දනිමි... මාද ඔබට බොහෝ සේ ආලය කරමි...."

නිමි
***************

නිමි***************

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Another Chance To Love (Yin Jian × Yu Mingye) (Short Story)Where stories live. Discover now