CHAPTER 02

68 5 2
                                    

.ඉසී!?.

"මෙන්න, දැන් ලැබුණු විශේෂ පුවතක්."

නිවේදිකාව මිහිරි හඬින් පවසන විට ඇගේ ලේ රතු පැහැගත් දෙතොලද, උවමනාවටත් වඩා යෙදූ මස්කාරා ආලේපනයද විදුලි බුබුළු ආලෝකයෙන් දිලිසිනි. පොලිස්ථානයේ සාමාන්‍ය ප්‍රමාණයේ රූපවාහිනියෙන් පෙණුනු ඇගේ ප්‍රතිබිම්බය සංඥා අවමකම හේතුවෙන් බොඳ වී තිබිණි.විශේෂ පුවතේ සිරස්තලය රතු පැහැයෙන් ඇදී ගියේය. "අද දින උදෑසන හඩ්සන් ගඟ අසබඩ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.මැදි වියැති යාචකයෙකු මුලින්ම එය දුටු අයෙකි.සිරුර සොයාගන්නා විට එහි රුධිරය කැටි ගැසී නොතිබූ හෙයින් එය සිදුවී එතරම් කාලයක් ගත නොවී ඇති බව ආරක්ෂක අංශ අනුමාන කරයි. මළ සිරුරේ අනන්‍යතාවය තවම හඳුනාගෙන නොමැති වුවද එය කාන්තාවකගේ බව දැනට සනාථ කර ඇත.මේ වන විට දේහය මෑන්හැටන්හි ප්‍රධාන රෝහලට පොලීසිය විසින් භාර දී ඇත.මරණ පරීක්ෂකවරයා වන ඇන්ඩර්සන් මහතා පවසන්නේ මෙය ඝාතනයක් බවයි.අන්තර්ජාලයේ මේ වන විට මෙම සිදුවීම ඉතා ජනප්‍රිය වී ඇත.ඉහත දැක්වෙන්නේ මෘත දේහයෙහි ජායාරූප කිහිපයකි." රූපවාහිනී තිරය අප්‍රියජනක ඡායාරූප කිහිපයකින් වැසිණි.රතු පැහැ රුධිරයෙන් වැසුණු අප්‍රසන්න ශරීර කැබලි කිහිපයක තැනින් තැන මිනිස් අස්ථි කැබලි පිටතට නෙරා තිබිණි.එය දවටා තිබූ කළු පැහැ ඉටි කොළය එ'තුලට උරා නොගත් ලෙයින් තෙත්වී තිබුණි.

දැන්, පොලිස්ථානයේ පිවිසුම් ශාලාවේ කවුන්ටරයට හේත්තු වී සිටි ලියම් අප්‍රසන්නයයෙන් බැම හකුළුවමින් තිරයෙන් තම දෑස මෑත් කළේය.අප්‍රියජනක හැඟීමකින් කැලතෙන ඔහුගේ උදරය නොතකමින් ලියම් ඇලෙක් දෙස බැලුවේය.ඔහුගේ උරහිස මතින් අතක් දමාගෙන සිටි ඇලෙක් හැඟීම් විරහිත මුහුණින් රූපවාහිනිය දෙස බලා සිටියා පමණකි.ලියම් යමක් කීමට මුව විවෘත කළ විට එයට බාධා පැමිණියේ රූපවාහිනිය දෙස බලා සිටි තරුණියකගෙනි. "ග්ලබ්!" බඩ තුල තිබෙන සියල්ලම පිටතට පැමිණෙන ශබ්දයයි ඒ.පිවිසුම් ශාලාවේ සිටි අයගෙන් -පොලිස් නිලධාරීන් තිදෙනෙක් හා සාමාන්‍ය වැසියන් දුසිමක්-අඩක් අප්‍රියතාව හඟවන හඬක් නගන අතර අනෙක් අඩ තරුණියට සහය වීමට දිව ගියහ.ලියම් සුසුමක් හෙලමින් තම මුව වසාගත්තේය.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 23, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

INFERNO |blWhere stories live. Discover now