අස්ථානගෙ ප්‍රකාශයට විරුද්ධව කුමක්වත් නොකියූ ශාශ්ත්රී ඇගේ වේදනාව සිතේහි තබාගනිමින් එතැනින් පිටව ගියාය."රජතුමනි ඔබව දැනුවත් කිරීමට යමක් තියෙනවා"යි පැවසූ විරූ රජුට ආචාර කරමින් කුටියට ඇතුළු වූවේය."ඔව් උපදේශක පවසන්න" "මෙය ඔබට මෙන්ම අගබිසවද සම්බන්ධ කරුණක් වේ"යි පැවසූ විට අස්ථාන විරූ දෙස නෙත් යොමු කලේ ශාශ්ත්රී පිලිබද කරුණක් ඔහුගේ මුවින් පිටවූ නිසාවෙනි."ශාශ්ත්රිත් සම්බන්ධයි"යි "ඔව් රජතුමනි.අපට දක්ෂින ප්‍රදේශයේන් ඝාතනය කරඇති පුද්ගලයකු හමු වුනා" "එම පුද්ගලයාගෙ රුව විමුක්ති ඇමතිට සමානයි"යි පැවසුවේය.
දෑස් දල්වා බලා විටි අස්ථාන ඒ වෙලේම ඇසුවේ ඔහුගේ මරන ලක්ෂන පිලිබදයි."බැරි වෙලාවත් ඔහුගේ ගෙල අස්වාභාවික ලෙස කපා දමා තිබේද?"යි ඇසූ විට විරූ පුදුම වී"ඔබතුමා කෙසේද එය දන්නේ ඔබ හරියටම කිව්වා.එහෙත් ඔහුගේ ගෙල පමණක් නොවේ ඔහුගේ සිරුර තැනින් තැන කපා දමා ඇත.අපට තවම ඝාතකයාව සොයා ගැනීමටත් නොහැකි වූවා" "අප දැන්ම යමු.මා හට මලසිරුර බැලීමට අවශ්‍යයි" කියා විරූ සමග අස්ථාන පිටව ගියේ විමුක්ති ඇමතිගේ මලසිරුර බැලීමටයි.මලසිරුර දෙස බැලූවත් ඔහුට පෙර හමු වූ ඝාතකයාගේ ඝාතනයම කියා අස්ථානට විශ්වාස වේ.එහෙත් මෙවර ඝාතනය ඉතා කෲර අන්දමින් වී ඇත.විමුක්ති ඇමතිගේ ශක්තිමත් සිරුරත් සමග කිසිවෙකුට සටන් කර එසේ ඔහුව කපා දැමීමට නොහැක.එසේත් කරත් ඔහුව මරාදැමීමට හැක්කේ එකම අයෙකුට පමණි.ඒ ඔහුව සිතුවමට ගත් සිතුවම්කරු පමණි.
නැවත මාලිගවට පියවර තැබූ අස්ථාන ගියේ තම කුටියටයි."විරූ මේ සිද්දිය ශාශ්ත්රීට පවසන්න එපා" අස්ථාන කීවේ විරූටයි.
අස්ථාන බොහෝ කාලයක් විමුක්ති ඇමතිගේ ඝාතනය සම්බන්ධව කාර්යබහුල වී කටයුතු කරයි. ශාශ්ත්රී දිනක් ඔහු තම වැඩ කටයුතු කරන කාර්යාලයට ගියාය."ඔබ මා හට අකමැති නම් කියන්න ,එහෙත් ඔබ මා හට චෝදනා නැගීමටවත් මාව හමුවෙන්න"යි පැවසූ ශාශ්ත්රී දෙස බැලූ අස්ථානට මතක් වූයේ ඇයගේ පියා ය.ඇය ඇගේ පියා මියගොස් ඇතිබව දැනගත්තොත් කෙසේ දුක් වේවිද?ඔහු ඇයට එතැනින් පිටව යන්න යැයි නියෝග කලේය.
YOU ARE READING
Picture of sence
Historical Fictionමගේ පළවෙනි කතාව ගොඩක් වැරදි අඩුපාඩු ඇති...කියවලා බලන්න🤗 Historical type එකට තමා මගෙ කතාව වැටෙන්නෙ😊❤️