Kill

363 124 3
                                    

"හෙලෝ බේබි.."

ජන්ග්කුක් එහා කෙලවරෙන් කෝල් එකට උත්තර දෙද්දි ජිමින්ගෙ මූන හිනාවෙන් පිරුනා. එයාගෙ කම්මුල් කඳුළු වලින් තෙත් වෙලා, ඇහි පිහාටු බර වෙලා බව ඇත්ත. එත් ජන්ග්කුක්ගෙ කටහඬට විතරක් හරි පුළුවන් ජිමින්ගෙ මුළු ලෝකෙම හිනාවෙන් පුරවන්න

මොකද ජන්ග්කුක් තමයි ජිමින්ගෙ මුළු ලෝකෙම

"ජන්ග්-කුකී.."

ජිමින්ට වචන ගලපගන්න බෑ. කතා කරන අතරෙදි එයාට ඉකි ගැහෙන්න ආවත් එයා ඉක්මනට තොල් දෙක තද කරගත්තෙ ජන්ග්කුක්ට සැක නොහිතෙන්න

"බේබි..? බේබි ඔයා හොඳින් නේද?"

ජන්ග්කුක්ට ජිමින්ගෙ කට හඬේ වෙනස පවා අඳුරගන්න පුළුවන් තරමට ජන්ග්කුක් ජිමින්ට බැඳිලයි හිටියෙ

"ඔ-ව් කුකී.. මං හොඳින්. ඔයා-ඔයා මොකද කරන්නෙ?"

ජිමින් පුළුවන් තරම් කටහඬ සාමාන්‍ය කරගෙන කතා කරන්න උත්සාහ කලා

"මම මේ අසයින්මන්ට් එකක් ඉවර කලා විතරයි. තව දෙකක්ම තියෙනවා කම්ප්ලීට් කරන්න. ඔයාට බැරිද ඇවිත් මට මේක කරලා දෙන්න?"

ජන්ග්කුක් එයාගෙ අහිංසක බෝල ඇස් වලින් තමන් දිහා බලාගෙන කටත් උල් කරන් ඒක අහන හැටි ජිමින්ට මැවිලා පෙනුනා. එයා හිනා උනා..

"මට-මම.. මටත් අසයින්මන්ට් ගොඩක් තියෙනවා කුකී. මම එහෙනම් තියන්නම්. මං ඔයාට ගොඩක් ආදරෙයි ජන්ග්කුකී. පරිස්සමෙන් ඉන්න. හැමතිස්සෙම මාව මතකෙ තියාගන්න. මම-"

ජිමින්ගෙ කණට ලං කරන් හිටිය ෆෝන් එක ආපහු අරගනිද්දි ජිමින් කඳුළු පුරවගෙන බැලුවෙ එයාගෙ ඇස් වලට උඩින් නලලට තියලා තියෙන රිවෝල්වරය දිහා

"හෙලෝ.. හෙලෝ? බේබි? හෙ-"

කෝල් එක කට් කරලා ෆෝන් එක කලිසම් සාක්කුවට ඔබාගත්ත ජන්ග්කුක්ගෙ අප්පාට තමන්ගෙ පුතා ගැන දැනුනෙත් ලොකු පිලිකුලක්

කොහොමද මේ මිනිහා පවුලෙ නම්බුව එක්ක මෙහෙම සෙල්ලම් කරන්නෙ?

To be continued
*****************

𝙍𝙀𝙄𝙉𝘾𝘼𝙍𝙉𝘼𝙏𝙀 [ᴊɪᴋᴏᴏᴋ_ᴏɴᴇꜱʜᴏᴛ]Where stories live. Discover now