ගේට්ටුව ලගින් පටන් ගත්තම අයින දිගටම රෙබරෝසියා ගස් පෝලිමක්..රෝස පාට මේ ලොකු ගස්...මුලු ජීවතකාලෙම මේ ගහක් යටට වෙලා ඉන්න තියේනම්...මාව වැහිලා යනකම්ම මේ රෝසපාට මල් වැටෙනවනම්....
එතකොටවත් මාව කාටවත්ම පේන්නෙ නැතුව යාවි
"මෙහ් මල්ලි කොහෙ යනවා කියලද හිතන් එන්නෙ..බලනවා කොන්ඩෙ හැටි ඉස්කෝලෙ ට එන පලවෙනි දවසෙම මෙහෙම ආවම හරි යනවද.."
මොන තාල වර්ගෙට අයිති පොල් හිපාටුවෙක් ද මේ...යකූ උස ආහ්හ්හ්...
"ආහ් අමතක වුනා...හෙට කපන් එන්නම්.."
ආහ් ලැජ්ජාව...එයා මොන වගේ කෙනෙක් ද.
මන් දන්නෙ නෑ මට කවදාවත් කිසිම කෙනෙක් ගෙ මූන දිහා කෙලින් බලන්න බෑ මන් බලන්නෙත් නෑ මොකද එයාලගෙ මූනෙ හැම වෙලාවකම තිබුනෙ මන් වෙනුවෙන් කට කොනකට ආපු හිනාවක් විතරයි හරියට.. 'ආහ් මේ මොකෙක් ද ' වගේ දෙයක්...ඉතින් මන් මිනිස්සුන්ට කැමති නෑ මන් එයාලට වයිර කරනවා මිනිස්සු මිනිස්සුන්ට සලකන්නෙ දෙවිදියකට..ඒක තේරෙන්න නම් ඔයා දෙවනි ගොඩේ කෙනෙක් වෙන්න ඕනෙ...ඒ කියන්නෙ ඔයා All perfect කෙනෙක් නෙමේ නම් ඔයාට තේරෙයි ඒක 💔🥀...අලුත් ඉස්කෝලෙ ක අලුත් ජීවිතයක්....හැබැයි කිසිම වෙනසක් නැතිව ජීවිතේ පරන රෝලම කැරකෙයි.ඒ මගේ ජීවිතේ හැටි...
BIO Class තිබුනෙ බිල්ඩින් එකක උඩම තට්ටුවෙ ඒකෙත් අයිනෙම පන්තිය මගෙ පන්තිය ඒ පන්තියෙ පිටිපස්සෙ ජනේලෙ ලගින් තිබුන මුල්ලෙන් ම බෑග් එක තියලා ගිහින් වාඩි වුනා...මන් ටිකක් කලින් නිසා මන් විතරයි තාම...ටිකක් නිදාගන්න හිතම් ඔලුව තියාගත්තා ඩෙස්ක් එකේ...
මන් ඇහැරෙද්දි ලමයි පිරිලා පන්තියෙ...ඊලගට මන් කලේ මේ ලෝකෙ මට තියන අමාරුම වැඩේ..එයාලගෙ මූනවල් දිහා බලපු එක...ආහ් මට එහා පැත්තෙන් හිටපු කොල්ලගෙ කින්ඩි හිනාව මන් විනාසයි...අනිත් ලමයින්ගෙත් වැඩි වෙනසක් නෑ ඒ කින්ඩි හිනාවමයි චුට්ටක් හරි හිනාවක් දැම්මෙ ඉස්සරහින් හිටපු ගෑනු ලමයා විතරයි..
"හිමරු ඉන්නවද..."
"ඔව් මැඩම්..."
අහ් මගෙ නම...යසයි ඇහැරිලා තියෙන්නෙ නම් ලකුනු කරන වෙලාව මැද..
"ඒහ්...හිමරු ඒ නම ලස්සනයි.."
ඒ මට ඉස්සරහින් හිටපු කෙල්ල...කොන්ඩෙ කොලර් එකේ වදින ගානට කපලා කන්නාඩි දෙකකුත් දාපු...සස්සන කෙම්ලෙක්
" Thanks ඔයාගෙ නම "
" මන් දුවනි ඔයත් අලුතින්ද මාත් අලුතින් "
" අහ් ඔව්..හී හී "
"පස්සෙ කතාකරමු..." එයා ඉස්සරහ ට හැරුනා...පුදුමයි පලවෙනි දවසෙම ලමෙක් මාත් එක්ක කතා කලා....
මන් හිමරු...හිම පාටයි නෑ මෙහෙමයි ඇත්තටම කිව්වොත් ඒ පාටටම සුදුමැලියි...යට ගිය කලු පාට ඇස් දෙකක් තියේ...කටු වලට ඇලිච්ච හමක් තියන ඇගක් තියේ...ඇවිදින සොම්බියෙක් වගේ පේන්නෙ...
හැමදෙයක්ම හරිම සාමකාමී ව ගලාගෙන ගියා chemestry lab එකට ගිහින් එනකන්ම
හැබැයි පඩිපෙල ලගදි ම අපෙ පන්තියෙ කොල්ලො ටික මට හැමතැනකම හැමදාම සුපුරුදු පරිදි..
"ඒ.. උබ නැවතියන්..."
" අහ්...ඇයි.."
"ඇයි නෙමේ හැටි බලපන් උබ කන්නෙවත් නැද්ද...සොම්බියෙක් වගේ වැනි වැනි..."
"ඒ...හැටි.."
"උබ කවුරු කියලද හිතන් ඉන්නෙ එකට එක කියන්නෙ.."
"පිම්බත් වැටෙයි.." ඒ තව එකෙක්
"ඇත්ත හැබැයි ඔන්න බලහන්..." අරූ මාව පඩිපෙලෙන් පහලට තල්ලු කරා...
ඒ වෙලාවෙ මගෙ හිතට ආවෙ එක ම එක දෙයයි...ඔලුව වත් වැදිලා මැරිල යනවනම්..
කවුරුහරි කෙනෙක් මගෙ පිටිපස්සෙ න් හිර කරලා අල්ල ගත්තා....
"උබලා මොකද ලමයිට වද දෙන්නෙ.."
අහ් අර පොල් පැලේගෙ කඩහඩ
එයා මාව අල්ලන් හිටපු විදියට ජීවිතේ පලවෙනි වතාවට මන් කෙනෙක් ගේ ඇස් දිහා කෙලින් බැලුවා...එයාගෙ ඇසුයි මගෙ ඇසුයි එකට යා උනා...
...................................................................................
(ප.ලි. - මේ කතාව අනේ මන්දා ආදර කතාවක් මත් නෙමේ.....
වෙන කියම්න දෙයක් නෑ
ආහ්...මේ....මේ චැප්ටරේ ගැන අදහස් හෑලි වගේ සයිස් කමෙන්ට් කිරීම තුලින් දිනපතා චැප්ටර් දිනාගත හැක..